(කාංචන කුමාර ආරියදාස)

කොවිඩ් වයිරසය ආසාදනය වූ  සේවක සේවිකාවන් රැසක් හමුවූ දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පිහිටා ඇති පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දමා එහි සියළු සේවකයන් පි පී ආර් පරීක්ෂණවලට යොමු කරන ලෙස මාතලේ දිස්ත්‍රික් කොවිඩ් 19 මර්ධන කමිටු ප්‍රධානී මේජර් ජනරාල් නිශාන්ත මානගේ මහතා එහි පාලනාධිකාරිය උපදෙස් ලබාදුන්නේය.

ඉක්තු දින කීපයේ මෙම පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් විසි තුන් දෙනෙකු වයිරසය ශරීරගත වූවන් ලෙස හඳුනා ගැනීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා බවට සැක රෝග ලක්ෂණ ඇති කීප දෙනකුද එම ඇඟළුම් කම්හලතුළ සිටින බව සේවකයෝ පවසති.