(රංජන් කස්තුරි)

ඉන්ධන මිල කිසිඳු වෙනසකින් තොරව මේ මාසය පුරා පවත්වාගෙන යාමට තීන්දු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන අතර ඒ අනුව අද රාත්‍රීයේ සංශෝධිත මිල ගණන් නිවේදනය කිරීමට නියමිතව තිබිණි.

ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින නමුත් උත්සව සමයේදී ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඉන්ධන මිල ඉහළ නොදමන බවද මුදල් අමාත්‍ය  මංගල සමරවීර මහතා කීය.

ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන අතර ඉකුත් මාර්තු මාසයේදී ඇමරිකානූ ඩොලර් 67 ක් පැවැති බොරතෙල් බැරලය අද වන විට ඩොලර් 74 ක් වී තිබේ.