(රංජන් කස්තුරි)
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කර තිබේ.
බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියලක පමණ පාඩුවක් සිදුවනු ඇති බවට ගණන් බලා තිබේ.
බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාවට විශාල පාඩුවක් සිදුවන බව එම සංස්ථාවේ සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන් පිරිසක් අද (14) ඇමැති මහින්ද අමරවීර මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.
එහෙත් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බදු අඩුකර තෙල් සංස්ථාවේ පාඩුව අවමකරන බවය.
COMMENTS
අනේ කොහොම හරි මේ දවස් 100 අල්ලාගෙන ඉන්න. මැතිවරණෙන් පස්සේ මොකක් හරි කරන්න බැරිය ඒ වාඩුවත් අල්ලලා.
ඡන්දය ඉවර වෙනකම් ඔහොම යමු. ඊට පස්සේ අපි බලමුකෝ...
ඡන්දෙ ඉවර වුණාම දෙගුණයකින් වැඩි කරන්න..
ඔය ලෝක වෙළඳපල කොහෙද තියන්නේ? මම ඉන්නේ ගල්ෆ් රටක.... පසුගිය අවුරුදු 35කට තෙල් මිල වැඩිවුණේ තුන්පාරයි. ඒ කිසිම වෙලාවක මේ රජයන් ලෝක වෙළඳපළ මගුල් කිව්වනේ. බේගල් අදින්න එපා...