(මනෝප‍්‍රිය ගුණසේකර)
ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත‍්‍රීයේ සිට වැඩිවන බව මුදල් අමාත්‍යංශයේ ප‍්‍රකාශකයකු පැවසීය.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 6 -කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 5 කින්ද සුපිරි ඞීසල් ලීටරය මිල රුපියල් 8 කින්ද ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 4 කින්ද වැඩි වන බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
රුපියල් 123 ක මුදලකට අලෙවි කළ ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 129 ක් වන අතර රුපියල් 147 ක මුදලකට අලෙවි කළ ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය නව මිල රුපියල් 152 ක් වේ.
රුපියල් 118 ක මුදලකට අලෙවි කළ සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 126 ක් වන අතර රුපියල් 99 ක මුදලකට අලෙවි කළ ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 103 ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්ධන මිල වැඩි වෙනකොට ලොකේ වැඩිම ඉන්ධන පාවිචි කරන රටේ මිල අඩුවෙනවා. පසුගිය වසරේ අගදී $3.50 පැට්‍රොල් මිල දැන් $2.77 දක්වා මේ සතියේ අඩුවෙලා.
මේ මිල සුත්තරේ කරදරය ඔන්න ආයෙත් පටන්ගත්තා. මේ විදිහට තෙල් මිල ඉහල පහල යැවීම වෙනුවට මිල ස්ථාවර මට්ටමක තබා ගත හැකිනම් කොතරම් අගනේද ?
මම ඉන්නේ පිට රටක මෙහෙ ඉන්ධන මිල පහල යනවා හොදටම අඩුයි. ලංකාවේ විතරක් වැඩිවෙනවා. මිල සුත්‍රයේනම් හොදටම අවුල්. මේක මහා ප්‍රෝඩාවක්. කිසිම විනිවිදභාවයක් නැහැ.
ඕව අපිට දැනේනේ නැහැ. මේ දවස්වල අපි බලන්නේ මදුෂ්ගේ කතා විතරයි.
මාසෙන් මාසේ මිල ඉහළ පහල යනකොට බඩු මුට්ටු සහ සේවා මිල ගණන් අස්ථාවර වෙනවා. ඒට පස්සේ ඉතින් ආර්ථීකේ තව කඩන් වැටෙනවා. කොහොමත් මේ ආණ්ඩුවට තව වැඩි ආයුශ නෑ. සමහරවිට අය වැය පරදින්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් එක අතකින් හොදයි !
මම නම් කියන්නේ අත්‍යවශ්‍ය බැඳ හා සේවා වල ස්ථීර මිලක් තියෙන්න ඕනේ.. මොකද ආයෝජනයක් ලංකාවට එනවා නම් ව්‍යාපෘති හදන්නේ අවුරුදු ගානක් ඉදිරියට හිතල. රටේ වියදම ස්ථාවරනම් එයාල කැමතියි. මොකද එයාල දන්නවා මාසෙන් මාසේ වැඩකරන සේවකයන්ගේ පඩි වැඩි කරන්න ඕනේ නැහැ කියල. ජීවන වියදම පහළ අගයක තියෙනවනම් තමයි ලංකාවේ ව්‍යාපාර පටන් ගන්නේ.. එකතම මුලිකම සාධකය. දියුණු රටවල අහාර වල මිල බොහොම අඩුවෙන් තම ඉහළ යන්නේ. සමහර රටවල පාන් මිල අවුරුදු 10 කින් වෙනස් වෙලා නැහැ. එහෙම වෙන්නේ අත්‍යවශ්‍ය බැඳ නිපදවන යට ඒ රජයවල් වලින් නොයෙකුත් සහන දීල ඒවායේ මිල පාලනේ කරනවා.
මංගලගේ සූත්තරේ රංග දැන් දැනේ.
ඉන්දන මිල දවසින් දවස වෙනස්වෙන රටවල් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවේ. ප්‍රශ්න මේ ඉහල පහල යාම ඒ රටවල වගේ ස්වාධින නොවීමයි. දේශපාලන අවශ්‍යතාමත තමතමන්ගේ වියදම් පියවාගැනීමට පෞද්ගලික අවශ්‍යතාමත ඉහල පහල යාමයි . ලංකාවෙ දේශපාලන සාක්ෂරතාව ඉහලමට්ටමකට එනතුරු මේව මේවිදියටම පවතීවි.
වෙන කොරන්ට දෙයක් නැහැ. අලුතින් එන්න හිතාගෙන ඉන්න මන්ත්‍රී වරුනට ඇමති තනතුරු ලබාදෙන්න අවශ්‍යයි. ඒ වගේම තීරු බදු රහිත වාහන දෙන්නත් වෙනවා.
මුලින් ඔය ආර්ථික විද්‍යාව නොදන්නා මුදල් ඇමතිව අයින් කල යුතුයි. මහජනයාට මොනවා වුනත් කමක් නැහැ කියා රජයට මුදල් නැති නිසා තෙල් සුත්‍රයක් හදා ගෙන. ගිය මාසයේ රුපියල් 2 ක් අඩු කර මේ මාසයේ රුපියල් 4 කින් වැඩි කරලා. අනිවාර්යෙන්ම ලබන මාසයේ. රුපියල 2 කින් අඩු කරනවා.එතකොටත් රුපියල් 2 කින් වැඩි වෙලා.
මෝස්‌තර කාරයෝ කොහොමද ආර්ථික තීන්දු ගන්නේ තෙල් මිල වැඩිඋනාම බඩුමිල වැඩිවෙනවා නමුත් තෙල්මිල අඩුඋනාට බඩුමිල අඩුවෙන්නේ නැත. වෙන පාඩුව ලාබ ලබන කාලයේදී පුරවා ගන්න හැකි වෙන අයුරින් මිලමට්ටමක් තියාගැනීම තමයි පාලනය කරන්නාගේ දක්ෂ කම. මේ මැට්ටෝ සංදර්ශන කොරන්න ගිහිල්ල අනාගෙන ඉන්නේ.
හොඳ තීරණයක්. ලෝක වෙළදපලේ විශාල ලෙස තෙල් ගණන් ගිහින්. ලීටරයක් රුපියල් 200 ක් විතර වෙනවා.
ලක්ෂ 62 කැමැත්තනේ මේක. තවත් මේක වැඩි වෙන්න ඕනේ ලක්ෂ 62 ට සතුටු හිතෙන්නේ එතකොටලු. ඔබට සතිටුයිද දැන්....................?
මේ වර්ෂය මැතිවරණ වර්ෂයක්. ඉන්ධන මිල සුත්තරය මැතිවරණ දිනන සුත්ත්‍රයට වඩා බලවත්වුනොත් ආණ්ඩුව කපොති ගහනවා.