IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ඉන්දීය සැර කොරෝනා වැළඳුණු 5 දෙනා ගැන අලුත් හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ )

ඉන්දීය ඩෙල්ටා  සැර කොරෝනා වයිරස  ප්‍රභේදය ආසාදනයවූ  පස් දෙනාම කොරෝනා  මර්දන එන්නත ලබා ගත් අය  නොවන බවට තොරතුරු හෙළිවී ඇතැයි   කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවැසීය .

මේ ආසාදිතයන් හමුවූ පවුලක  අයකු විදේශයක සිට මෙරටට  මීට සති තුනකට පෙර පැමිණ ඇති බවට හඳුනාගෙන ඇතත් ඔහුට  කොරෝනා  ආසාදනය වී  ඇතැයි තහවුරු නොවූ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා  ප්‍රකාශ කළේය .

මේ අතර  ඉන්දීය ඩෙල්ටා  සැර කොරෝනා  වයිරස  ප්‍රභේදය ආසාදනය වූ පස් දෙනාගෙන් තිදෙනෙකු මේ වනවිට සුවය ලබා සිටින බවත් අනෙක් දෙදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය .

මෙම ආසාදිතයන්ගේ පළමු දෙවැනි හා තෙවැනි ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා බුද්ධි අංශ නිලධාරීන්ගේද සහය ලැබෙන බවත් ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය .

මේ සැර කොරෝනා වයිරස  ප්‍රභේදය  බොහෝ දුරට විදේශයක සිට පැමිණි පුද්ගලයෙකුගෙන්  මෙරටට ඇතුළු වන්නට ඇතැයි වෛද්‍ය විශේෂඥයන් සැක පළ කරන බව කී ජයසුමන මහතා වයිරසය මෙරටදී නිර්මාණය වීමට තිබෙන සම්භාවිතාව  ඉතාම අඩු බවටද  ඒ විශේෂඥයන් සඳහන් කරන්නේ යැයි  ප්‍රකාශ කළේය.

මේ අතර මෙම සැර වයිරසය  ඉන්දීය ධීවරයන් මාර්ගයෙන් මෙරටට ඇතුළු වූවා දැයි සෞඛ්‍ය අංශ වලට සැක මතු වී ඇත .

මේ හේතුව නිසා  වෙරළ කලාපයේ තෝරාගත් ධීවර කණ්ඩායම්  පී .සී .ආර් පරීක්ෂණවලට අහඹු ලෙස  යොමුකිරීමේ වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා කීය . 

 



අදහස් (0)

ඉන්දීය සැර කොරෝනා වැළඳුණු 5 දෙනා ගැන අලුත් හෙළිදරව්වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 205 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site