(තිළිණි ද සිල්වා)
ඉන්දීය බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු නිදහස් කර ගැනීම සඳහා එරට රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
යාපනය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 18 දෙනෙකු හා මාතර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 6 දෙනෙකු මේ වන විට ඉන්දීය අත්අඩංගුවේ පසුවන අතර මොවුන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
දෙරටේ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙම ධීවරයින් පිරිස මුදා ගැනීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දීය මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ කටයුතු වල නිරතවීම හේතුවෙන් පසුගිය කාලවලදී මෙම ධීවරයින් පිරිස එරට වෙරළ ආරක්ෂක බලකා අත්අඩංගුව පත්වූහ.
මේ අතර මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු ද මෙරට අත්අඩංගුවේ පසුවන බවද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.