IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ඉන්දියාවේ 60කට කොරෝනා

ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

රාජස්ථානයේ සහ දිල්ලියේ නව ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම ගණන ඉහළ ගොස් තිබේ.

ආසාදිතයන් 60දෙනා අතර ඉතාලි ජාතිකයන් 16දෙනෙකුද සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

අද උදෑසන වනවිට දිල්ලියෙන් පුද්ගලයන් 5දෙනෙකු සහ උත්තර් ප්‍රදේශ්වලින් පුද්ගලයන් 9දෙනෙකු වාර්තා වී තිබිණි. කර්නාටක ප්‍රාන්තයෙන් සිව්දෙනෙකුටද මහාරාෂ්ට ප්‍රාන්තයෙන් දෙදෙනෙකුටද ලඩක් ප්‍රාන්තයෙන් දෙදෙනෙකුටද ආසාදනය වී ඇත. රාජස්ථානය, තෙලන්ගාන, තමිල්නාඩු, ජම්මු කාශ්මීරය සහ පන්ජාබ් යන ප්‍රාන්තවලින් ආසාදිතයන් එක බැගින් වාර්තා වී තිබේ.

පවතින තත්වය අනුව, වයිරසය ආසාදනය වූ බවට සැක පුද්ගලයකු දෙවරක් පරීක්ෂාවට ලක් කර ඒ බව තහවුරු කරගැනීමට බලධාරීහු කටයුතු කරමින් සිටිති.

කෙසේවෙතත්, රෝහල්වලට ඇතුළු වූ ආසාදිතයන්ගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් මහතා පැවසීය.

මේ අතර, ප්‍රංශය, ජර්මනිය සහ ස්පාඤ්ඤය යන රටවල සංචාරකයන්ට ද ඉන්දියාවට පැමිණීමේ තහනමක්ද පනවා තිබේ. ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ජපානය සහ චීනය යන රටවල සංචාරකයන්ට මීට ඉහතදී ඉන්දියාව වීසා අත්හිටුවා තිබිණි.

චීනය, හොංකොං, කොරියාව, ජපානය, ඉතාලිය, තායිලන්තය, සිංගප්පූරුව, ඉරානය, මැලේසියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ජර්මනිය යන රටවල සංචාරය කර ඉන්දියාවට පැමිණෙන ගුවන් මගීන්ට සති දෙකක ස්වයං නිරෝධායන කාලයකට යොමුවන ලෙසද සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.

එසේම, රැකියා කටයුතුවල නිරතවන්නන්ට නිවසේ සිට එම කටයුතු ඉටුකරගන්නා ලෙසද දැනුම් දී ඇත.

(ඉන්දියා ටුඩේ ඇසුරිනි)

16844



අදහස් (0)

ඉන්දියාවේ 60කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 250 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1129 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site