( සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනආ තහනම් කෘමිනාශකයක් වන ඇමෝනියා සල්ෆේට් නොහොත් ග්ලයිෆොසේට් කිලෝ 582 සමඟ පුද්ගලයින් දෙදෙනෙකු සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය පවසයි.
මෙම ග්ලයිෆොසේට් තොගය මන්නාරම සිට කොළඹ දක්වා සුඛෝපභෝගී වෑන් රථයකින් රැගෙන යමින් සිට ඇති අතර සෙට්ටිකුලම රථවාහන පොලිසිය සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී අදාළ ග්ලයිෆොසේට් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවටගැනීමට හැකිවූ බව පැවසීය.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් මෙලෙස ගෙන ආ ග්ලයිෆෝසේට් තොගය පොහොර මලු දහයක් තුළ අසුරා තිබූ බවද සඳහන් කළේය.
පොලිසිය පැවසූයේ අත්අඩංගුවටගත් ග්ලයිෆොසෙට් කැට අඩංගු ග්‍රෑම් 500 ප්‍රමාණයෙන් යුත් කුඩා පැකට් විශාල ප්‍රමාණයක් තිබූ බවයි.
ගොවීන් වෙත ඉහල මිළ ගණන් යටතේ අලෙවිකිරීම සදහා මෙලෙස ග්ලයිෆොසෙට් කොළඹට රැගෙනයන බවද පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මිගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර ඔවුන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබුණි.
2025 නොවැම්බර් මස 21
130
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉන්දියාවේ සිට හොරෙන් ගෙන ආ ග්ලයිෆොසෙට් කිලෝ 582 ස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට