IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි විරෝධතාවලින් 19ක් මරුට

පසුගිය දෙසැම්බර් 11වනදා පාර්ලිමේන්තුව පුරවැසි නීතිය සම්මත කළ දින සිට මේ දක්වා ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයන් 19දෙනකු මියගොස් ඇති බව ඉන්දිය බලධාරීහු පවසති.
 
මේ අතර පුරවැසි පනතට එරෙහිව උද්ඝෝෂණ සිදුකළ පුද්ගලයන් 1500කට වැඩි පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
මීට අමතරව පුද්ගලයන් 4000ක් පමණ රඳවාගෙන සිට නිදහස් කර ඇත.
 
සුළු ජාතීන්ට පුරවැසිභාවය ලබාදීම නීතියේ අරමුණ වන අතර අයදුම්කරුවන් 2014වසරේ දෙසැම්බර් 31දිනට පෙර ඉන්දියාවට ඇතුළු වූ අය විය යුතුය.
 
අගමැති මෝදි මහතා අමාත්‍ය මණ්ඩලය හමුවී විරෝධතා වලට අදාල ආරක්ෂක පියවර සාකච්ඡා කළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කෙසේවුවද ඇඳිරි නිතිය සහ රජයේ දැඩි ක්‍රියාමාර්ග නොතකා උද්ඝෝෂණ දිගටම පවත්වන බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
දරුණුම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවී ඇත්තේ ඉන්දියාවේ ජනාකීර්ණම ප්‍රන්තය වන උතුරු ප්‍රදේශයේ දී ය.
එම ප්‍රාන්තයේ පමණක් පුද්ගලයන් නව දෙනකු මියගොස් තිබේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 
 



අදහස් (1)

ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි විරෝධතාවලින් 19ක් මරුට

Walter White Sunday, 22 December 2019 03:13 AM

ඔය පෙනෙන්නේ ආගම ජාතිය ඉස්සරහට අරගෙන තවත් රටක කපටි සූට්කාරයෝ රටක් වනසන හැටි, මිනිස්සු මොලේ පාවිච්චි කරන්නේ නැති වරද, අන්ත ජාතිවාදියෙක් නායකයන් කිරීමේ වරද, ආගම් ජාති මත්තේ නැහීමේ වරද, එ්ක ලෝකේ කොතනකත් සත්‍යයක්, වඩා වටින්නේ ආගම් නොවේ. මනුස්සකම..! ආගම් වලින් මිනිස්සු ශීලාචාර කරනවා කිව්වට එතෙන්දි කරන්නේ පරලොව, සදාකාලික නිරය, දෙවියන්ගේ දඬුවම් ආදිය පෙන්නලා මිනිස්සු බය කිරීම, බය කරලා මිනිස්සු වහල්ලු කර ගැනීම, ඇත්තටම වෙන්න ඕන වැරදි කරන්න බය වීම නොවේ. මේ දෙය වරදක්, එයින් මමත් ඇතුළුව මුළු සමාජයට වන්නේ අනර්ථයක් කියලා හිතන්න පුළුවන් වෙන්න ඕනෑ. එ්ත් අපේ මිනිස්සු එහෙම නැහැ. එ්ක හොඳටම තේරෙන්නේ ලංකාවේ කුණු ප්‍රශ්නය දැක්කම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site