IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවෙන් බීඩි කොළ කිලෝ 1500ක් ගෙනා තිදෙනෙකු දැලේ

(ඔගස්ටින් ප්‍රනාන්දු)

ශ්‍රී ලංකාවට නීතිවිරෝධීව බීඩි කොළ කිලෝ 1500 ක් ගෙනා පුද්ගලයන් තිදෙනෙකු දංකොටුව  සිංගක්කුලිය ප්‍රදේශයේ දි අද ( 27 ) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ  නිලධාරීහු පවසති.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බීඩි කොළ ගෙනා ලොරියේ රියැදුරු, ඊට මාර්ග තොරතුරු ලබාදුන් මෝටර්  රථයේ රියැදුරු සහ තවත් පුද්ගලයෙකි.  සැකකරුවෝ මීරිගම පදිංචිකරුවෝ වෙති.

ලද තොරතුරක් අනුව පොලිස්  විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් සිංගක්කුලිය ප්‍රදේශයේ රැඳී සිටියදී,  සඳලංකාව දෙසට ධාවනය වු ලොරියක් නවතා  පරීක්ෂා කිරීමේදී  ලොරියේ තිබූ බීඩි කොළ තොගය සොයා ගැනීමට හැකිව තිබේ.

දකුණු  ඉන්දියාවේ සිට මුහුදු මගින් නීති විරෝධී ලෙස බෝට්ටුවකින්, වෙන්නප්පුව වෙරළට ගෙනවිත් ඇති මෙම බීඩිකොළ ලොරියේ පටවා ගෙන යමින් තිබු බවට කරුණු අනාවරණය වී ඇතැයි විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම ජාවාරම දිගු කලක සිට මීරිගම නගරය කේන්ද්‍ර කරගෙන පවත්වා ගෙන ගිය බව කරුණු අනාවරණය වී ඇතැයිද  විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.



අදහස් (0)

ඉන්දියාවෙන් බීඩි කොළ කිලෝ 1500ක් ගෙනා තිදෙනෙකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site