IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත ආසාදිතයන් 97,894ක්

 

අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 97,894 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු ලොව ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මෙය වේ.

ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මෙන්ම වයිරස ආසාදිත මරණ ගණන ද වැඩිවෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සති දෙකක කාලයේදී සෑම දිනකම 1000 ඉක්මවා ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිත මරණ වාර්තා වී ඇතැයි ද රොයිටර් පුවත් සේවය පෙන්වාදෙයි.

ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (15) මිලියන පහ ඉක්මව වූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන වයිරස ආසාදිත රෝගීන් දස දහස් ගණනකට ප්‍රමාණවත් ඔක්සිජන් නොමැතිවීමෙන් ඉන්දියාවේ රෝහල් රැසක් අර්බුද රැසකට මුහුණ පා ඇත.

මහාරාෂ්ට්‍ර, ගුජරාට් සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්ත නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්ත බවට පත්ව ඇත. මේ ප්‍රාන්තවල ඔක්සිජන් අවශ්‍යතාව තුන් ගුණයකින් වැඩි වී ඇතැයි වෛද්‍යවරුන් සහ ප්‍රාන්ත ආණ්ඩුවේ නිලධාරීහු පෙන්වාදෙති.

 

රොයිටර්

055



අදහස් (0)

ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත ආසාදිතයන් 97,894ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 789 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site