(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
අද(12) උදෑසන ඉන්දියානු සාගරයේ උතුරු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියයි.
අලුයම 2.34ට පමණ හටගත් මෙම භූ කම්පනය රික්ටර් මාපක 5.4ක අගයක් ගත් බවද එම මධ්‍යස්ථානය කියා සිටී.
මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවද, මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
COMMENTS
මම ජපානයේ ගොඩක් භූමිකම්පා අත්දැකලා තියෙනවා. රික්ට මාපක 5 න් උඩ බිමිකම්පා ඉතා විශාල දුරකට දැනෙනවා. මම මේ ටිකේ ඉන්නේ ලංකාවේ කොළඹ. මම අද පාන්දර 3 ට නිදාගත්තේ. 2.34 ට ලංකාවේ වෙරළට ආසන්නයෙන් කිලෝ මීටර් 400 ක් ඇතුලත මේ ප්‍රමාණයේ බුමිකම්පාවක් උනා නම් අනිවාර්යෙන්ම දකුණු පලාතට මේක තදින්ම දැනෙන්න ඕන. භූමිකම්පාවක් වෙද්දී අනිවා නිදන් ඉන්න ගොඩක් මිනිස්සු ඇහැරෙනවා. හවස් වෙලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.
මම ඉන්නෙ කඩවත. මම මේ වෙලාවේ ඇහැරලා හිටියේ. මෙ සියුම් කම්පනය මට හොඳට තේරුනා. මට හිතාගන්න බැරිවූනා මොකක්ද උනේ කියලා. ඇඳත් වෙව්ලුම් කෑවා. ඒ ගමන් ශබ්දයකුත් ආවා. ඈතින් ගොරවනවා වගේ
සජිත් ප්‍රේමදාසගේ සන්ධානේ පිහිටවීම මහ පොලොවට දරාගන්න බැරි වෙලා
මෙය සිදුවූ ප්‍රදේශයේ කලින් භූ චලන සිදුවී නැත්නම් මෙය විශාල අනතුරක පෙරනිමිත්තක්....
මෙම භූ චලනය කළුතර නාබොඩ ප්‍රදේශයට පෙ.ව. 2.36ට දැනුණා. ගෙයි පැත්තක් සෙලවෙන්නට පටන්ගත්තා. මේ සමගම ගිගුම්දෙන ශබ්දයකුත් ඇසුණා.