(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවලියක් ලබන ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
මීළඟ ආණ්ඩුව බලයට පත්වූ පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාගෙන ව්‍යවස්ථා වෙනසක් කරන බවද විපක්ෂනායකවරයා කීවේය.
ඒ සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පවත්වන බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
COMMENTS
දැන් මෙතුමා කරන්න යන්නේ මොන වගේ එකක්ද දන්නැහැ? අරගොල්ලෝ කරනකොට නරකයි, මේ ගොල්ලො කරනකොට හොඳයිද?
නැවත මහින්ද මහතා ව්‍යවස්ථා වෙනසක් කර විධායක බලතල සහිත අගමැති කෙනෙක් වෙනවට කැමතිද? කැමතිනම් ලයික් සහ අකමැති නම් ඩිස්ලයික් මගින්...
ඕක හැම ඡන්දෙටම කලින් කියන කතාවනේ..
ඔය සම්බන්ධ වුණු " පක්ෂවල " ඡන්ද කීයක් තියෙනවද අපේ මහත්තයෝ? මට ඇහුණා මුස්ලිම් කට්ටිය නම් කියනවා ඉස්සරහට ඒ ගොල්ලන්ගේ සහාය ලැබෙන්නේ ඒ ගොල්ලන්ගේ ඉල්ලීම් වලට ඇහුන්කම් දෙන කණ්ඩායමකට විතරයි කියලා... ඒ කට්ටියට ඇහුම්කන් නොදී ගමනක් නැතිපාටයි නේද පෙනෙන්න තියෙන්නේ? එහෙම කරන්න වුණුදාට අර " සිංහල බෞද්ධ " කියලා යටිගිරියෙන් කැකොස්සන් ගහන දෙන්නට කටවහගෙන ඉන්න කියලා කියන්න වෙයි නේද? ඒ ගොල්ලෝ ඉතින් අර නුවර රජ කාලේ කිතුල් හකුරු හැදුවාය කියන පණික්කියා කිව්වා වගේ " කියන කොට එහෙමයි. කරනකොට මෙහෙමයි" වර්ගයේ නිසා අවුලක් වෙන එකක් නැහැ...
මොකද පක්ෂ වලින් විතරක් විමසන්නේ? අැයි ජනතාවගෙන් අදහස් නොගන්නේ? රටේ ඉන්නේ ඒ පක්ෂවල සාමාජිකයෝ විතරක් නොවෙයි, කිසිම පක්ෂයකට කැමති නැති පිරිසකුත් ඉන්නවා. අනික පක්ෂ නායකයින් පක්ෂ සාමාජිකයින් විසින් තෝරලත් නැහැ. බූදලේට පක්ෂ නායකයන් වෙලා තියෙන්නේ... තවත් සමහර පක්ෂ එකෙක්, දෙන්නෙක් ඉන්න පක්ෂ... රටේ ජනතාවගේ යෝජනා අරගෙන එයින් වැඩි කැමැත්ත ඇති යෝජනා අනුව ව්‍යවස්ථාව වෙනස් කරන්න... නැතිනම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි...
එ්ක පවුල් පාලන ව්‍යවස්ථා සංශෝධනද?
මේ රට හොරුන්ගෙන් මුදා ගැනීමට නාගානන්ද කොඩිතුවක්කු මහතා අලුතින් ව්‍යවස්ථාවක් ගේනවා. ඒකට මේ රටේ බහුතරය එතුමාට ඡන්දය ලබාදෙන බව විශ්වාසයි. මෙතුමලා කරපු කෙරුම් වල ප්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳිමින් සිටින්නේ...
දේශපාලකයින්ගේ නොහැකියාවට ව්‍යවස්ථාව වැරදියිද? මෙතුමාටත් ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට අයිතියක් නැත. 17 සංශෝධනය නොකර හිටියා නම් කතාකළාට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉතින් මෙතුමා ශ්‍රේෂ්ඨ නායකයෙක්... කාලෙන් කාලෙට දේශීයව හා විදේශීයව එන රැල්ල වෙනස් හින්දා, හැම ජනාධිපතිවරණයකදී ව්‍යවස්ථා සංශෝධනයක් ගේන එකත් වරදක් නැහැ කියලත් හිතෙනවා. ප්‍රශ්නේ මිනිස්සු හැමදාම අසතුටින්... ඉවරයක් නැහැ. ව්‍යවස්ථාවේ වරදද? ලංකාවේ මිනිසුන්ගේ වරදද? දේශපාලනයේ වරදද? එතකොට හිතෙනවා බණක් අහගෙන පැත්තකට වෙලා හිටියොතින් හොඳයි කියා.
මෙතුමා කලිනුත් ව්‍යවස්ථා සංශෝධනයක් කළා නේද, දිවි ඇතිතෙක් බලයේ ඉන්න..? ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු හොරු නඩයට මේ රට සූරාකන්න ඉඩදුන්නා හොඳටම ඇති... පාලකයින්ගේ වාසියට ව්‍යවස්ථාවට අලවන පැලැස්තර (සංශෝධන) වලින් අපට වැඩක් නැහැ.. අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් මේ රටේ ස්ථාපිත කිරීමයි. එවැනි නව නායකයෙක් වටා පමණයි ජනතාව පෙළගැසිය යුතු කාලයයි මේ...
ඒ කියන්නේ මැරෙනකම් ජනපතිකමේ ඉන්න පුළුවන් එකක්ද? තිබෙන සංශෝධන හොඳටම ඇති... රටේ මිනිසුන් නන්නත්තාර වෙලා ඉන්නේ.. ඒවා විසඳාගන්න ජනතාවට ඉඩදීලා රටේ වංචා කර තිබෙන මුදල් රටට ගෙවලා පැත්තකට වෙලා ඉන්නවා නම් තමයි හොඳ...
පොහොට්ටුවට රාජපක්ෂලා ඇරෙන්න ඡන්දෙට දාන්න වෙන කවුරුත්ම නැද්ද?
බමුණු මහත්මය මේ පැත්තෙ ඇවිල්ල නැහැවගේ.