(එෆ්. අස්ලම්)
ඉතාලියේ දී වසර 25 කට පෙර මියගිය යාපනයේ පදිංචිකරුවකුගේ සිරුර ඉකුත් 6 වැනි දා යාපනයට ගෙනවිත් අවසන් ගෞරවය සඳහා නිවසේ තබා මිහිදන් කර තිබේ.
මෙසේ ගෙනවිත් ඇත්තේ දැනට වසර 25 කට පෙර ඉතාලියේ දී මියගිය යාපනය චාවකච්චේරිහි පදිංචිව සිටි එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැත්තාගේ සිරුරයි.
එවකට 49 වැනි වියෙහි පසුවූ එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැත්තා ඉතාලියට ගොස් රැකියාවක් කරමින් සිටියදී හදිසියේ රෝගාතූර වී 1994 මැයි 24 වැනි දා මිය ගොස් ඇත.
මිය යන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ යුද්ධය දරුණුව පැවති හෙයින් දේහය මෙරටට ගෙන ඒමට නොහැකි බව කියමින් 25 වසරක් පුරා සිරුර ආරක්ෂාකාරී ලෙස තැබීමට කටයුතු කෙරිණි.
යුද්ධය මීට පෙර අවසන් වුවද සිරුර සුරක්ෂිත කිරීමේ ගිවිසුමට අනුව 25 වසරක් ගතවන තුරු එරට සමාගම සිරුර නිදහස් කළ නොහැකි බව සඳහන් කිරීමෙන් 25 වසරකින් පසු සිරුර මෙරටට ගෙන්වා අවසන් ගෞරව දක්වා මිහිදන් කිරීමට ඔහුගේ භාර්යාව කටයුතු කර ඇත.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.