
ඉතියෝපියාවේ සුඩාන මායිමේ පිහිටි බෙනිෂාන්ගුල් - ගුමුස් ප්‍රදේශයේදී සිවිල් වැසියන් පිරිසක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් 80 දෙනකු පමණ මියගොස් තිබේ.
ඉතියෝපියානු මානව හිමිකම් කොමිසම මේ බව තහවුරු කර ඇති නමුත් ප්‍රහාරය සිදුකලේ කවුරුන් ද යන්න පවසා නොමැත.
ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් පහරදුන් බව ගම්වැසියෝ පවසති. ප්‍රහාරය සඳහා 100 දෙනකු පමණ පැමිණ ඇති බව සඳහන් වේ.
පසුගිය මාසයේ ද මෙම ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාරයකින් 220 දෙනකු පමණ මිය ගියහ.
(බීබීසී ඇසුරිනි)
085

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.