(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එම අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලැබුණු බවත්, ජනාධිපතිවරයා විසින් එයට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළත් එම සංශෝධන හෝ ඇතුළත් නොකර ගැසට් කර තිබෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
රජය විසින් අත්සන් කිරීමට නියමිතව ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනුව ඇමෙරිකාවට හා බහුජාතික සමාගම්වලට මෙරට ඉඩම් පැවරීමේ හැකියාව ලැබෙන අයුරින් මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙන බව ද දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සියලූ දෙනාටම ඉඩම් අයිතිය ලබාදීමට බව කියමින් ජනතාව මුලා කර මෙම ඉඩම් පනත ගෙන ඒමට රජයේ උත්සාහ ගන්නා බව කී ජයසේකර මහතා සියලු ජනතාවට ඉඩම් දීමට නම් දැනට තිබෙන පනතෙහි සුළු සංශෝධන ප‍්‍රමාණයක් සිදුකිරීම ප‍්‍රමාණවත් බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඉඩම් විශේෂ විධිවිධාන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නෑ’
lal jayawardana Tuesday, 09 July 2019 11:39 AM
ඇමෙරිකාව ගැන සඳහනක් නැතිනම් නින්ද යන්නෙත් නැතිව ඇති මේ පෙරමුණේ අයට. ඒ පැත්තේ ඉන්න කොට එකක්, මේ පැත්තේ ඉන්න කොට තව එකක්. අායෙත් මේ දෙබිඩි කාට්ටුවෝ දේශපාලනයට ඕනෙම නැහැ.
Prabha Tuesday, 09 July 2019 12:09 PM
කවුරු කියන එකද ඇත්ත? තේරෙන විදිහට මොවුන් දෙගොල්ලොම ඡන්දය ඉලක්ක කරගෙන බොරු දෙසාබානවා...