(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉඩම් කොමිෂන් සභාවේ වටිනා ඉඩම් පිළිබඳ ලිපිගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.
මෙසේ අතුරුදන්ව ඇතැයි පැවසෙන්නේ පසුගිය කාලයේදී රජයට පවරා ගනු ලැබූ ඉඩම්වලට අදාල ලිපිගොනු දෙසීයක්ය.
මේ සම්බන්ධයෙන් වහාම සොයාබැලීමක් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිතය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 17වැනිදා රැස් විය . මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ ඒ රැස්වීමේදීය.
ජනතාවගෙන් පවරාගත් ඉඩම් වඩාත් ඵලදායිව යොදා ගැනීම වෙනුවට විවිධ පුද්ගලයන් අතට පත්වීම බරපතළ ගැටලුවක් බැවින් මෙම තත්වය වහාම නිවැරදි කිරීම අතිශයින්ම වැදගත් බව කමිටුවමෙහිදී අවධාරණය කළේය.
මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු දශලක්ෂයක් ලබා දීමේ ව්‍යාපෘතියට 2018 වසරේදී බදවා ගත් සේවකයන් 214 ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කර ඇති බවද මෙහිදී තොරතුරු අනාවරණය වී ඇත.
කැබිනට් අනුමැතියක් යටතේ කොන්ත්‍රාත් පදනම මත මෙම බදවා ගැනීම් සිදු කර ඇති ඇතත් 2014 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛයක් පදනම් කර ගනිමින් මෙම පිරිස ස්ථිර කිරීමට කටයුතු කර ඇති බව කෝප් කමිටුව පවසයි.
ව්‍යාපෘතියක් සදහා බදවා ගත් පිරිසක් මෙලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කිරීමේදී බලවත් වරදක් සිදුවී ඇති බවත් මෙම තත්වය අනෙකුත් රාජ්‍ය ආයතනවලටද වැරදි පූර්වාදර්ශයක් සපයන බවත් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නේය.
එබැවින් මේ පිළිබදව අමාත්‍යාංශ මට්ටමින් විධිමත් විමර්ශනයක් සිදුකර පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුවට ලබා දෙන ලෙසත් මෙම තත්වය නිවැරදි කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙසත් කෝප් සභාපතිවරයා ඉඩම් අමාත්‍ය ලේකම් ආර්.ඒ.ඒ.කේ රණවක මහතාට උපදෙස් ලබාදුන්නේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2017, 2018 සහ 2019 වර්ෂයන් සදහාවූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සදහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගියදා (17) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මේ අතර 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පිහිටවූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් පවරා ගැනීමේදී අත්පත් කර ගත් ඉඩම් ප්‍රමාණය සහ ඒ ඒ රජයන් කාලවලදී බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැතිවීම බරපතළ තත්වයක් බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයක් දැනට කොමිෂන් සභාව සතු වන බවත් එම අගය නිවැරදිම අගය නොවන බවත් මෙහිදී අනාවරණය විය.
ඉඩම් අත්පත් කරගැනීමේදී සහ විවිධ රජයන් යටතේ පවරාදීමේදී නිසියාකාරව මැනීමක් සිදුනොකිරීම එයට හේතුවී ඇති බව ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
කොමිෂන් සභාව සතු ප්‍රධාන වත්කම වන මෙම ඉඩම් පිළිබද නිවැරදි දත්ත මෙන්ම තක්සේරුවක් කොමිෂන් සභාව සතුවීම අත්‍යවශ්‍ය බැවින් ඉඩම් නිවැරදිව මැන තක්සේරු කිරීමත් ඒ පිළිබදව නිශ්චිත පදනම් ලියවිල්ලක් සෑදීමත් අත්‍යවශ්‍ය බව කමිටුව පෙන්වා දුන්නේය.
නවීන ඩ්‍රෝන තාක්ෂණය වැනි දෑ ඒ සදහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද අවධානය යොමු කරමින් ඒ පිළිබද කඩිනම් වැඩපිළිවෙලක් සකස් කර දන්වන ලෙසද කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
නවීණ තාක්ෂණය භාවිතා කරමින් මෙම ඉඩම්වල දත්ත ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවද කමිටුව අවධාරණය කළේය. දැනට සිදුවන විවිධ අක්‍රමිකතා ඇතුළු ගැටලු රැසකට එමගින් විසදුම් ලැබෙන බව කමිටුව පෙන්වා දුන් අතර ඒ සදහා කඩිනමින් මැදිහත්වන ලෙස ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.
එසේම 1972 -1974 කාලයේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පවරාගත් ඉඩම්වලින් පිඹුරුපත් හා ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම මත නිදහස් නොකළ ඉඩම් 260 ක් පවතින බවද මෙහිදී අනාවරණය විය.
මේ අනුව වසර 50ක් තුළ ප්‍රමාද වූ මෙම ක්‍රියාවලිය ඓතිහාසික ගැටලුවක්ව ඇති බැවින් විශේෂ කවුළුවක් විවෘත කර ඉදිරි මාස 06 තුළ මෙම ප්‍රශ්නය විසදීම සදහා මැදිහත් වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට කමිටුව උපදෙස් ලබා දුන්නේය.
කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයේ වටිනාකම ලෙස වසර ගණනාවකට පෙර සිදු කරන ලද තක්සේරුව රු. මිලියන 676 ක් ලෙස සදහන්ව තිබුණද එම අගය වර්තමානයේ නිවැරදිවිය යුතු බවද කමිටුව පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය අනුව අක්කරයක වටිනාකම රු.500 ක් පමණ වන බැවින් මෙම ගැටලුව වහාම නිවැරදි කරගැනීම සදහා මාස 06 ක් තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් සභාපතිවරයා ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේය.
එසේම කොමිෂන් සභාවේ ඉඩම් බදු දුන් පසු එම ඉඩම් බැංකුවලට උකස් කර ණය ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවද මෙහිදී අනාවරණය විය. ව්‍යාපාරිකයන් තමා ලබා ගත් ඉඩම පවරා දීමේ කොන්දේසිවල සදහන් පරිදි , කොමිෂන් සභාවේ අවසරය මත උකස් කර ණය ලබා ගැනීමට ඇති හැකියාව මත මෙය සිදු වන බවත් මෙහිදී හෙළිවිය. එසේම ඇතැම් ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමෙන් පසු ඒවා ඵලදායි ලෙස යොදා ගන්නේද යන්නත් ගැටලුවක් බව මෙහිදී සාකච්ඡා විය.
මෙහිදී අදහස් දක්වමින් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ කොමිෂන් සභාව සතු වත්කම් ඉඩම් ප්‍රමාණය හදුනාගෙන එය ඵලදායි ලෙස සංවිධානය කර ගැනීම පිළිබද ආකෘතියක් පිළියෙල කිරීම මේ මොහොතේ කළ යුතු ප්‍රධාන කාර්යභාර්ය බවයි.
මෙය ජාතික අවශ්‍යතාවක් බැවින් මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවයන් එක්කරමින් නිශ්චිත වැඩපිළිවෙලක් සැලසුම් කිරීම සදහා ඉදිරියේදී අදාළ පාර්ශ්වයන් නැවත කැදවීමට අපේක්ෂා කරන බවද කෝප් සභාපතිවරයා කීවේය.
මෙම රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර සහ මධුර විතානගේ යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.
මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාග
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.
වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධි
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඉඩම් කොමිසමේ ලිපිගොනු 200 ක් අතුරුදන්
ravin Saturday, 20 November 2021 11:14 AM
හා හා...!!! පහුගිය දවස්වල ඔය සමහර උදවිය කළේ.. කොටස් කර කර තම හිතවතුන්ට දුන්නු ඉඩම්වල ලියකියවිලි වෙන්නැති නේද? රාජ්‍ය ඉඩම් කියන්නේ 225හේ අම්මා අප්පාගේ ඉඩම් කියලා පනතක් සම්මත කළා නම් ප්‍රශ්නය විසඳේවි..
ජයන්ත මිලානො Saturday, 20 November 2021 11:28 AM
ඉඩම් ඔප්පු ගැන බයවෙන්න කාරියක් නැහැ. වැඩි ආරක්ෂාවට අැමෙරිකාවේ පුතාගේ සේප්පුවට දාලා අැති... පස්සේ ඔයාලට ඕනම වුණොත් ඉල්ලගන්නනේ තියෙන්නේ...
DM Saturday, 20 November 2021 11:59 AM
ඔය කෝප් කමිටුවෙන් දැන් කොපමණ දූෂණ, වංචා හෙළි කළාද? එ්ත් එක්කෙනෙක්ටවත් දඬුවම් දුන්නාද? මහා බොරු වැඩක්... අපේ සල්ලි වංචා කරන එක තමයි හැමෝම කරන්නේ...!
පැරකුම් Saturday, 20 November 2021 02:09 PM
හා හා කවුරුත් කලබල වෙන්න එපා.. ඔය කියන කමිටුවලින් මෙච්චර කාලෙකට වෙච්චි දෙයක් තියනවාද? අපරාදෙ අපේ සල්ලි...!!!
විපරමා Saturday, 20 November 2021 05:03 PM
කටුගෙයි පුරාවස්තු අතුරුදහන් වුණා වගේ බහිරවයා ගෙනියන්න ඇති...