
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
නව රජයේ ඉඩම් කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ එස්. එම්. චන්ද්‍රසේන මහතා බත්තරමුල්ල, රජමල්වත්ත පාරේ පිහිටි ඉඩම් අමාත්‍යාංශයේදී අද (13) සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
මහාසංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා සුභ මොහතින් නිල ලිපියකට සිය අත්සන යොදමින් රාජකාරි කටයුතු ආරම්භ කළ අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
අමාත්‍යවරයාගේ සොහොයුරු එස්. එම්. රංජිත් ඇතුළු පවුලේ ඥාතීහු ද, අමාත්‍යාංශ අතිරේක ලේකම් දීප්ති ප්‍රනාන්දු මහත්මිය සහ ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
දැන් 33 කෝටියක් දෙවිවරුන්ට බාරයි ලංකාව... ඉඩම්, කඩම් ඔබ වහන්සේලා ආරක්ෂා කරදෙනු මැනවි.
ගරු ඇමතිතුමා වෙනුවෙන් ආශිර්වාද පූජාවක් සිදුකරන සංඝරත්නය වෙනුවෙන් ප්‍රයෝජනයට නොගන්නා රජයට අයිති ඉඩම් කැබලි කිහිපයක් දන්දීමෙන් සසර වසන තුරාවටම මෙවන් තනතුරු ලබාගැනීම වෙනුවෙන් පින් අනුමෝදම් කර ගැනීමට මහඟු අවස්ථාවක් ලැබී තිබෙනවා. නොපමාව ඒ පිනට දායක වන්න අපේ ගරු ඇමතිතුමනි!!
ගියපාර වැඩ බාරගත්තු ගමන් අලින්ට යන්න, පාරක් හදනවා කියලා බිරිඳත් එක්ක එකතුවෙලා කැලේ තිබුණු වටිනා ගස් ටික කපා ගත්තා. මේ පාර මොන ගේමක් දේවිද මන්දා..?
වනාන්තර හා වනජීවීන් වෙනුවෙන් ඔබතුමා අප්‍රමාණ සේවයක්ලු නේද කලේ..? දැන් ඒ වනාන්තර ටිකම ඔබතුමාට ඉඩම් විදිහට බෙදලා දුන්නැහැකි. කොහොමද ටිකිරි මොලේ..?
පස් කඳු වලටයි කලුගල් වලටයි නරක කාලයක්.
තඹුත්තේගම, කලාවැව පැත්තේ ඉතුරු කැලෑ ටිකත් කපලා දාමු නේද මහත්තයෝ..? මොකද වල්අලි ගම්වලට එනවනේ...