(ක්රිෂාන් ජීවක ජයරුක්)
මාතර තෙලිජ්ජවිල ප්රදේශයේ ප්රසිද්ධ පාසලක කාමරයක් තුළදී 14 හැවිරිදි පාසල් සිසුවියකගේ ශරීරය ස්පර්ශ කර සිප ගැනීමට උත්සාහ කළ බව කියන ගුරුවරයකු අත් අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලීසිය පවසයි.
අදාල කාමරයේ ඇති පොතක් රැගෙන එන ලෙසට එම දැරියට පවසා අනතුරුව ඇය පසු පසින් එම කාමරය ගොස් තිබෙන බව කියති.
කෙසේ වෙතත් එම ක්රියාවට විරුද්ධත්වය වී සැකකරුගේ ග්රහණයෙන් මිදී පැන යාමට සමත්ව ඇති බව පොලීසිය කියයි.
ඒ පිළිබඳව සිය මාපියන්ට දැනුම් දී පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
ඒ අනුව ප්රශ්න කිරීම සදහා එම ගුරුවරයා අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සිදු දැරියන් වෙතට ලිංගික බලපෑම ... නොකරනු මැනවි ! ගුරු මැතිඳුනි, සැමදාම ... ශිල්පය උගැන්මට එන්නන් පණ සේම ... රැකගෙන සිටින එක ගුරුවර වගකීම ... "