(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව මෙතෙක් නොලැබුණු පිරිස ගත් පළමු මාත්‍රාවේ බල තවමත් බිඳී නැතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දාහතර ලක්ෂ හැත්තෑ දහසක් තව දින කිහිපයකින් මෙරටට ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
දෙවන මාත්‍රාව මෙතෙක් නොලැබුණු ජනතාව මේ නිසා අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි පැවසූ රාජ්‍ය ඇමැතිවරයා ඇස්ට්‍රාසෙනිකා එන්නත ගත් පුද්ගලයෙකුට දෙවෙනි මාත්‍රාව ගැනීමට මාස හයක කාලයක් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තාක්ෂණික පත්‍රිකාවක් මගින් සනාථ කර ඇතැයිද පැවැසුවේය .
ලංකාවේ දෙවෙනි මාත්‍රාව ලබා නොගෙන සිටින පිරිස පළමු මාත්‍රාව ලබා ගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි මස 15 වැනිදායින් පසුව බව චන්න ජයසුමන මහතා වැඩිදුරටත් කීය .
ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව මෙරටේ නොලැබුණු පිරිස ලක්ෂ හයකට ආසන්නය මේ අතර මෙම ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 14 ලක්ෂ 70,000 ක තොගය ජපානය පරිත්‍යාගයක් වශයෙන් මෙරටට ලබා දීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැනියෙන් ,මුට්ටියෙන් කොරෝනා මට්ටු කරන්න ගිහින් කිව්වෙත් පොරම තමයි
කාලකණ්ණි ජයසුමන. බොරැවෙන්ම මිනිස්සු රවට්ටලා. ෆයිසර් ඔක්කම වී.අයි.පී අයට ගහලා. තොපිට හෙණ ගහනවා මේ රටේ අසරණ මිනිස්සුන්ට. අම්මලා තාත්තලාට කරන අපරාදෙට. අපිට පව් නොදී දෑහට නොපෙනී පල වනචරයා!
අපට පවු නොදී ගෙදර යන්න මහත්තයෝ. ඔබ වැනි හැරෙන හැරෙන පැත්තට තමන්ගේ නොහැකියාව වහ ගන්න කතා කරන අයවලුන් මහාචාර්ය වෛද්‍ය යන නාමයන්ට නිගාවක්.
ඒක හොදයි. කරුණාකර ඔබට සංඛ්‍යා ලේඛන නිකුත් කළ හැකිද?
ඔබේ පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි. ප්‍රවීන වෛද්‍ය විශේෂඥයෙක්, දේශපාලකයෙක් වගේ ඔබ පේනවා.
ස්පුට්නික් එන්නත ලබාදුන් අයට මොකද කරන්නේ? එහි දෙවන මත්‍රාව තවම ඇණවුම් කරලත් නෑ. පේන විදිහට ස්පුට්නික් එන්නත ගත්ත අයට දෙවන මත්‍රාවක් කවදාවත් නොලැබෙන පාටයි.