IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


ඇලෝසියස්-පලිසේනට ඇප

( නිමන්ති රණසිංහ) 

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී  කසුන් පලිසේන යන දෙදෙනාට ඇප ලබා දීමට අද (1) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්  ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

එක් අයකුට රුපියල් මිලියනයක් බැගින් වු  මුදල් ඇප දෙකක් සහ එක් අයකුට රුපියල් මිලියන 2 බැගින් වු ශරීර  ඇප 4 ක් මත  ඔවුන්ට ඇප ලැබුණු අතර ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවද මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය. 

විදෙස් ගමන්ද තහනම් කළ මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමේදී හැඳුනුම්පත් ඡායා පිටපත් ඉදිරිපත් කරන ලෙසද,සෑම මසකම අවසන්  ඉරිදා 9 සහ12 අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටිය යුතු බවටද නියෝග කළාය.   

මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු තවමත් අත්අඩංගුවට නොගැනීම නඩු කටයුතු වලට බාධාවක් වන හෙයින් හා සැකකරුවන් දෙදෙනාගේ දරුවන්ගේ අසනීප තත්ත්වයන් පිළිබඳව සළකා බලමින්  මෙලෙස ඔවුනට ඇප නියම කෙරිණි.

පසුගිය පෙබරවාරි 4 වැනිදා මොවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

 

 



අදහස් (38)

ඇලෝසියස්-පලිසේනට ඇප

ගල්කටස් Tuesday, 01 January 2019 10:03 AM

ලංකාවේ ලොකුම හොරුන්ටත් අැප... තව ටික දවසකින් නිදොස් කොට නිදහස් කරන්නත් බැරි නැහැ. එන ඡන්දෙදි ඡන්දය ඉල්ලන්න දැමීමත් අප පුදුම විය යුතු නැහැ. රනිල් හාමු මෙයාලව නිදොස් කොට නිදහස් කරන බව නම් ෂුවර් බෙදුණු රටක පාතාලයන්ගේ පාලනයක් සහිත වූද කුඩු බොමින් සමනළ ජීවිතයක් ගත කරමින් හූල්ල හූල්ලා ජිවත්වන රටක් පමණක් අපට උරුම වේවි. මෙම සියල්ලන්ටම රාජ්‍ය අනුග්‍රහය නීතියේ පිහිට... මෙන්න රතු අලින්ගේද සහාය හිමිවීම කණගාටුවට කරුණකි. සිංහලයින් නීතිය අතට ගන්නා කාලය නම් වැඩි අෑතක නොවන බව තේරුම් ගත යුතුයි. අසාධාරණකම් සිංහල අපටමයි එයද සිංහලයන්ගෙන්ම විඳින්න වීම දුකකි...

:       5       365

Cisco Tuesday, 01 January 2019 10:18 AM

ඔහොම යං ඔහොම යං... අන්තිමට කියයි මහා බැංකු වංචාවක් සිදුවෙලා නැහැ කියලා.

:       0       117

Bamunuarachchi Tuesday, 01 January 2019 10:24 AM

මේ මංකොල්ලයට පාර හදපු සල්ලි බෙදාගත්ත ගොයියන්ට දඬුවම් නැද්ද?

:       0       14

Bamunuarachchi Tuesday, 01 January 2019 10:32 AM

ප්‍රධාන සැකකරුගේ අතිජාත මිත්‍රයා අල්ලා හිරකර ගත්තොත් ප්‍රධාන සැකකරු ගෙන්වා ගන්න පුළුවන් වේවි. මහින්ද මහතානේනී ඔන්න කරන්න එල්ටීටීඊ එක පරාද කළා සමානව වටිනවා.

:       0       67

Raveendra Tuesday, 01 January 2019 10:45 AM

තක්කඩි පරයෝ ආවා එළියට මුල් දවසේ... දැන් හරි හොරුන්ට නඩුවත් නැතිවුනා සේ... දශක තුනක් හතරක් යයි බැරි බැරි සේ... අන්තිමේදී අමතකවෙයි ඔක්කොම ලැබුණාසේ...

:       1       132

donkal Tuesday, 01 January 2019 10:58 AM

සුබ අලුත් අවුරුද්දක්...!!! රනිල්, ටී.එන්.ඒ, රතු අලි (ජවිපය) දෙමළ ඩයස්පෝරාව සහා මුස්ලිම් අන්තවාදීන් සමඟ රටපෙරටද?

:       1       301

BamunuarachchiThursday, 03 January 2019 12:54 AM

ඔව් රට අංසක 180 කැරකිලා පෙරට

:       0       9

Nishantha Tuesday, 01 January 2019 11:01 AM

නීතිය නවලා වගේද මන්දා..?

:       0       126

Nuwan Tuesday, 01 January 2019 11:10 AM

ලංකා ඉතිහාසේ සාක්ෂි ඇතිව ප්‍රධාන දේශපාලන හස්තයකගේ මැදිහත් වීම මත කෙරුණු මහදවාලේ බැංකු කොල්ලයක නඩු විභාගයේ අවසානය කෙමෙන් කෙමෙන් ලං වෙන බව පෙනීයයි. අන්තිමට හොරකම් කරපු කෙනෙක් නැතුව එ්කේ පාඩුවත් මහජනතාවට පටවාවි...

:       0       318

පිටිගල මිලානෝ Tuesday, 01 January 2019 11:23 AM

කොහොම හරි මහබැංකු හොරුත් එළියට ගත්තා එහෙනම්... මෙයත් සිංගප්පූරුවට පැන්නම ඔක්කොම හරි.

:       0       164

kamal Tuesday, 01 January 2019 11:40 AM

සැකකරුවන් දෙදෙනාගේ දරුවන්ගේ අසනීප තත්ත්වයන් පිළිබඳව සළකා බලමින් මෙලෙස ඔවුනට ඇප නියම කෙරිණි. අයියෝ සංසාරේ

:       0       72

ගිහාන් Tuesday, 01 January 2019 12:01 PM

රනිල් මාමලට ඡන්ද වලට සල්ලිත් එපැයි ඉතිං නේද?

:       0       370

Ruwan Tuesday, 01 January 2019 12:40 PM

ඇප දීලා විතරක් මදි. රට යන්නත් අවසරය දෙන්න....

:       0       118

සමන් Tuesday, 01 January 2019 01:30 PM

ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා...! දැන්නම් මුකුත් ලෙඩක් නැහැ වගේ... හොරගෙඩියා හිනාවෙන්නකෝ අනේ...

:       0       68

රිචඩ් Tuesday, 01 January 2019 02:20 PM

මේ අයට ලොකු අසාධාරණක් වුනේ. සමාගමක් ලාභ ලැබුවම පස්සේ හිරේ දාපු එක. මෙයාලගේ බිලියන 11 ක්ම මුදලත් ආණ්ඩුවෙන් ආයේ අරගත්තා. ඉස්සර උපාලි විජයවර්ධන වුනත් ලාභ ලබන්න විවිධ විදියට බදු සහන ගන්න උපක්‍රම භාවිතා කළා. සරලව එකක් පැහැදිලි කරන්නම්. උපාලි ඉස්සර ලංකාවේ එයාගෙම වතුවල කොකෝවා වැව්වා. ඊට පස්සේ එයාගෙම වෙන සමාගමක් ඒවා මිලට අරං රට යැව්වා. අපි හිතමුකෝ කිලෝ එකක් රුපියල් 100 ගානේ ගත්තා කියලා. ඊට පස්සේ ඒක මැලේසියාවේ තියෙන තවත් උපාලිගේම සමාගමකට වික්කා. මෙතැනදී උපාලි කිලෝ එකක විකුණුම් මිල දැම්මේ කිලෝ එක රුපියල් 90ට. දැන් බැලු බැල්මට බිස්නස් එක පාඩුයි. ඊට පස්සේ ආණ්ඩුවෙන් බදු සහන, මුල්‍යාධාර ගත්ත ව්‍යාපාරයට... ඊට පස්සේ අර මැලේසියාවේ කොම්පැනිය අර කොකෝවා වලින් විවිධ නිෂ්පාදන කරලා මැලේසියාවේ වික්කා. ඒ රටට පිටින් ඇවිත් ආයෝජන කරන නිසා ඒ රටෙනුත් සහන ගත්තා. ආයේ ඒ සල්ලි ලංකාවට ගේන නිසා තවත් සැරයක් ලංකා ආණ්ඩුවෙන් සහන ගත්තා විදෙස් විනිමය ගේනවා කියලා. මේක නිතිවිරෝධී දෙයක් නෙමේ. ව්‍යාපාරිකයෙක් කියන්නේ පුළුවන් තරම් අඩුවෙන් බදු ගෙවලා, සහන අරං, වැඩිපුර ලාභ ගන්නා කෙනෙක්...

:       120       205

WIJIWednesday, 02 January 2019 01:31 PM

ඇයි හත්වලාමේ..? ගමේ අපි දුප්පත්කමට සිල්ලර කඩේ වරිපනම් ගෙව්වේ නැති වුණාම අල්ලලා හිරේදානවා. නැත්නම්, අමාරුවෙන් හොයාගන්න දේ රාජසන්තක කරනවට මොකද කරන්නේ..?

:       11       26

තිව් Tuesday, 01 January 2019 02:38 PM

හොරු රැළට, කම්බ හොරාගෙන් අලුත් අවුරුදු තෑගි ලැබිලා. අලුත් ව්‍යවස්ථාව සම්මත කරගන්න. ඔලු ටික හදාගන්න සල්ලිත් ඕන ඇතිනේ..

:       0       88

Sanjeewa Tuesday, 01 January 2019 04:11 PM

කිරී ඉතිරේවා නව වසරේ... ජනතාවට නොමිලේ විදුලිය.

:       0       32

Udugama Tuesday, 01 January 2019 05:27 PM

ටයි පටි පලදින්නන්ගෙන් ප්‍රවේසම් වෙනු!

:       1       47

rasika Tuesday, 01 January 2019 08:14 PM

ඔන්න ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනානේ. අර උසාවියේදී කට වැරැද්ද ගත්ත හාමුදුරුවෝ නම් තම හිරේ. ඇප දෙන්නත් බැරුව.

:       0       471

Edward Tuesday, 01 January 2019 09:25 PM

හිරගෙදර පවතින තදබදය මත එය වැරදි නොවේ. නමුත් එය දේශපාලනික වශයෙන් අවාසි වේ.

:       20       4

Lusena Wednesday, 02 January 2019 01:50 AM

හොරෙන් බඩගින්නට ගෙඩි කඩපු කෙනා , උසාවියට අපහාස කළා කියන කෙනා අවුරුදු ගණන් ඇප නොදී සිරකර තබමු .

:       0       342

sudath Wednesday, 02 January 2019 02:57 AM

පොල් හොරකම් කලානම්, නැත්නම් රුපියල් පහළොස්දාහක පගාවක් ගත්තනම් ඇප නැහැ. සිරදඬුවම් විඳලම එන්නොනා.

:       0       387

hewa Wednesday, 02 January 2019 03:42 AM

මේක හොද උදාහරණයක් කවද හරි සත්‍යය ජයගන්නවා කියන එකට. අසාධාරණ ලෙස සිරගත කරනලද වැරැද්දට වන්දියක් ගෙවිය යුතුයි. කොච්චරනම් බැනුම් අහන්න ඇද්ද? කවුද කැමති නිකරුනේ හොරා කියලා අහගන්න.

:       333       3

Priya Wednesday, 02 January 2019 04:04 AM

ඔන්න අපේ රටේ නීතිය. පොඩි වැරදි කරපු දුප්පත් මනුස්සය සදාකල් ඇතුලෙ, තෝරු මෝරු එළියෙ?

:       0       289

Mohamed Saudi Wednesday, 02 January 2019 04:06 AM

පේනවනේ මොවුන් ගේ මුනවල් වල තියෙන හොර බැල්ම

:       1       178

Bamunuarachchi Wednesday, 02 January 2019 04:12 AM

සිරකරුවොත් මනුෂ්‍යයෝය කියන කියමන මේගොල්ලන්ට අදාලද?

:       0       50

Ruwanthika Wednesday, 02 January 2019 04:38 AM

මටනම් මේක දැක්කම ඉවසගන්න බැරි කේන්තියක් එන්නෙ.....

:       14       217

gallage Wednesday, 02 January 2019 04:39 AM

ෂාහ් ඇලෝසියස්ට හිරේ ගොඩක් සරුයි වගේ. ඔය ඉන්නේ ලස්සනට. කොහොම වුනත් මේ අවුරුද්දත් ජයෙන් ජයම වේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා.!

:       0       95

de silva Wednesday, 02 January 2019 05:31 AM

ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනය අවසන් කර වාර්තාවත් භාරදී ඇති නමුත් මෙම නඩුව අහල අවසන් කරගැනීමට බැරිවී සැක කාරයන්ට ඇප ලබාදී ඇත , අනෙක් සැක කාරයන් මෙන් මොහු රටින් පැන යාමට ඉඩ තිබේ , මෙපමණ කාලයක් ගිහිනුත් මේ නඩුවට හරියට ගොනු කරගෙන ඉදිරියට ගෙනයාමට බැරි වීම ගැන නීති පති දෙපාර්තමේන්තුව අසමත් වීම , පිළිගත නොහැක .

:       0       235

දමිත් ද සිල්වා Wednesday, 02 January 2019 05:52 AM

එක්සත් ජාතික පක්ෂයට ජයවේවා!

:       16       208

NimalWednesday, 02 January 2019 11:37 AM

හොරුන් ආරක්ෂා කරන අයටත් බැදුම්කර ගනුදෙනුව ගැන පොත් ලියපු සුජීව සේරසිංහ ටත් ජයවේවා!

:       0       0

palitha Wednesday, 02 January 2019 05:52 AM

දැන් හරි නේ, ආයේත් ජීවිතේට ඔය හොරකම ගැන මුකුත් එලියට එන්නේ නැ. ඕක ඔහොමම ඉවරයි.

:       0       286

pjWednesday, 02 January 2019 06:53 AM

හොරකමක් වෙන්න එපැයි එළියට එන්න. රටේ හොරුටික ඇතුළට ගන්න දවස නම් වැඩි ඈතක නැහැ. නඩු අහල අවසන් වන තුරු ඇපත් නැතිවෙයි.

:       125       4

Amali Wednesday, 02 January 2019 05:58 AM

ඕව මොනාද අප්පා අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනා ඒ ඇතිනේ

:       1       258

පිටිගල මිලානෝ Wednesday, 02 January 2019 05:59 AM

ග්‍රාමීය බැංකු, මහජන බැංකු වගේ දේවල් කඩන එක ලොකු වරදක් වගේ පෙනෙන්නේ නැත්තේ මට විතරද?

:       0       179

ලක්ෂිත Wednesday, 02 January 2019 11:04 AM

බය නැති අගමැති

:       1       16

Bamunuarachchi Thursday, 03 January 2019 01:00 AM

නැහැ පිටිගල අපිටත් පේනවා නමුත් 57 ට වඩා 62 ලොකුයිනේ. 62 ට ඕක ලොකු නැහැ. අර පෙරහරේ ගිය අලියාගැන පුතාට කීව කතාව වගේ තමයි. 62 ට ඕක සුලුදෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වෙඩි තබා පැනගන්න බැරිවේ
2025 ජනවාරි මස 19 3424 2

ගල්කිස්ස බඩෝවිට සිරිපාල පාරේදී අද(19) දහවල් පුද්ගලයකුට වෙඩිතබා යතුරු පැදියෙන් පළා ගිය වෙඩික්කරු සිද්ධියේ වෙඩික්කරු ඊට සුළු වේලාවකට පසු දෙහිවල ධර්මාම


බස් -බස් ගැටී 57ක් රෝහලේ
2025 ජනවාරි මස 19 1162 4

පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.


අටවෙනි පුදුමය අවට වනාන්තර කැලෑ පළුවෝ අල්ලති
2025 ජනවාරි මස 18 2963 18

ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තර


විදුලි බිල සියයට 20කින් පහත දමයි
2025 ජනවාරි මස 17 4119 13

විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 20 කින් අඩු කිරීමට තීරණය කළ බවත් ඇතැම් පාරිභෝගික කණ්ඩවලට සියයට 30 කට වැඩි විදුලි ගාස්තු අඩු වීමක් වන බවත් ශ්‍රී ලංකා මහජ


විදේශිකයන් ගමන් ගත් බසයක් අධිවේගයේදී අනතුරක
2025 ජනවාරි මස 17 5143 12

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 138 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (17) අලුයම 5 ට පමණ විදේශීය සංචාරකයන් පිරිසක් රැගත් බස් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරියක ගැටී එක්


ප්‍රශ්න පත්‍ර බලන්න ගවුම් ඇඳන් ආ ගුරුවරියන් පාසලෙන් එළියට
2025 ජනවාරි මස 16 7144 31

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගැයීමේ මධ්‍යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමට ගවුම් ඇද ආ ගුරුවරියන් පි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 368 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 597 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site