( නිමන්ති රණසිංහ)
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනාට ඇප ලබා දීමට අද (1) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
එක් අයකුට රුපියල් මිලියනයක් බැගින් වු මුදල් ඇප දෙකක් සහ එක් අයකුට රුපියල් මිලියන 2 බැගින් වු ශරීර ඇප 4 ක් මත ඔවුන්ට ඇප ලැබුණු අතර ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවද මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.
විදෙස් ගමන්ද තහනම් කළ මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමේදී හැඳුනුම්පත් ඡායා පිටපත් ඉදිරිපත් කරන ලෙසද,සෑම මසකම අවසන් ඉරිදා 9 සහ12 අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටිය යුතු බවටද නියෝග කළාය.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු තවමත් අත්අඩංගුවට නොගැනීම නඩු කටයුතු වලට බාධාවක් වන හෙයින් හා සැකකරුවන් දෙදෙනාගේ දරුවන්ගේ අසනීප තත්ත්වයන් පිළිබඳව සළකා බලමින් මෙලෙස ඔවුනට ඇප නියම කෙරිණි.
පසුගිය පෙබරවාරි 4 වැනිදා මොවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ලොකුම හොරුන්ටත් අැප... තව ටික දවසකින් නිදොස් කොට නිදහස් කරන්නත් බැරි නැහැ. එන ඡන්දෙදි ඡන්දය ඉල්ලන්න දැමීමත් අප පුදුම විය යුතු නැහැ. රනිල් හාමු මෙයාලව නිදොස් කොට නිදහස් කරන බව නම් ෂුවර් බෙදුණු රටක පාතාලයන්ගේ පාලනයක් සහිත වූද කුඩු බොමින් සමනළ ජීවිතයක් ගත කරමින් හූල්ල හූල්ලා ජිවත්වන රටක් පමණක් අපට උරුම වේවි. මෙම සියල්ලන්ටම රාජ්‍ය අනුග්‍රහය නීතියේ පිහිට... මෙන්න රතු අලින්ගේද සහාය හිමිවීම කණගාටුවට කරුණකි. සිංහලයින් නීතිය අතට ගන්නා කාලය නම් වැඩි අෑතක නොවන බව තේරුම් ගත යුතුයි. අසාධාරණකම් සිංහල අපටමයි එයද සිංහලයන්ගෙන්ම විඳින්න වීම දුකකි...
ඔහොම යං ඔහොම යං... අන්තිමට කියයි මහා බැංකු වංචාවක් සිදුවෙලා නැහැ කියලා.
මේ මංකොල්ලයට පාර හදපු සල්ලි බෙදාගත්ත ගොයියන්ට දඬුවම් නැද්ද?
ප්‍රධාන සැකකරුගේ අතිජාත මිත්‍රයා අල්ලා හිරකර ගත්තොත් ප්‍රධාන සැකකරු ගෙන්වා ගන්න පුළුවන් වේවි. මහින්ද මහතානේනී ඔන්න කරන්න එල්ටීටීඊ එක පරාද කළා සමානව වටිනවා.
තක්කඩි පරයෝ ආවා එළියට මුල් දවසේ... දැන් හරි හොරුන්ට නඩුවත් නැතිවුනා සේ... දශක තුනක් හතරක් යයි බැරි බැරි සේ... අන්තිමේදී අමතකවෙයි ඔක්කොම ලැබුණාසේ...
සුබ අලුත් අවුරුද්දක්...!!! රනිල්, ටී.එන්.ඒ, රතු අලි (ජවිපය) දෙමළ ඩයස්පෝරාව සහා මුස්ලිම් අන්තවාදීන් සමඟ රටපෙරටද?
නීතිය නවලා වගේද මන්දා..?
ලංකා ඉතිහාසේ සාක්ෂි ඇතිව ප්‍රධාන දේශපාලන හස්තයකගේ මැදිහත් වීම මත කෙරුණු මහදවාලේ බැංකු කොල්ලයක නඩු විභාගයේ අවසානය කෙමෙන් කෙමෙන් ලං වෙන බව පෙනීයයි. අන්තිමට හොරකම් කරපු කෙනෙක් නැතුව එ්කේ පාඩුවත් මහජනතාවට පටවාවි...
කොහොම හරි මහබැංකු හොරුත් එළියට ගත්තා එහෙනම්... මෙයත් සිංගප්පූරුවට පැන්නම ඔක්කොම හරි.
සැකකරුවන් දෙදෙනාගේ දරුවන්ගේ අසනීප තත්ත්වයන් පිළිබඳව සළකා බලමින් මෙලෙස ඔවුනට ඇප නියම කෙරිණි. අයියෝ සංසාරේ
රනිල් මාමලට ඡන්ද වලට සල්ලිත් එපැයි ඉතිං නේද?
ඇප දීලා විතරක් මදි. රට යන්නත් අවසරය දෙන්න....
ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා...! දැන්නම් මුකුත් ලෙඩක් නැහැ වගේ... හොරගෙඩියා හිනාවෙන්නකෝ අනේ...
මේ අයට ලොකු අසාධාරණක් වුනේ. සමාගමක් ලාභ ලැබුවම පස්සේ හිරේ දාපු එක. මෙයාලගේ බිලියන 11 ක්ම මුදලත් ආණ්ඩුවෙන් ආයේ අරගත්තා. ඉස්සර උපාලි විජයවර්ධන වුනත් ලාභ ලබන්න විවිධ විදියට බදු සහන ගන්න උපක්‍රම භාවිතා කළා. සරලව එකක් පැහැදිලි කරන්නම්. උපාලි ඉස්සර ලංකාවේ එයාගෙම වතුවල කොකෝවා වැව්වා. ඊට පස්සේ එයාගෙම වෙන සමාගමක් ඒවා මිලට අරං රට යැව්වා. අපි හිතමුකෝ කිලෝ එකක් රුපියල් 100 ගානේ ගත්තා කියලා. ඊට පස්සේ ඒක මැලේසියාවේ තියෙන තවත් උපාලිගේම සමාගමකට වික්කා. මෙතැනදී උපාලි කිලෝ එකක විකුණුම් මිල දැම්මේ කිලෝ එක රුපියල් 90ට. දැන් බැලු බැල්මට බිස්නස් එක පාඩුයි. ඊට පස්සේ ආණ්ඩුවෙන් බදු සහන, මුල්‍යාධාර ගත්ත ව්‍යාපාරයට... ඊට පස්සේ අර මැලේසියාවේ කොම්පැනිය අර කොකෝවා වලින් විවිධ නිෂ්පාදන කරලා මැලේසියාවේ වික්කා. ඒ රටට පිටින් ඇවිත් ආයෝජන කරන නිසා ඒ රටෙනුත් සහන ගත්තා. ආයේ ඒ සල්ලි ලංකාවට ගේන නිසා තවත් සැරයක් ලංකා ආණ්ඩුවෙන් සහන ගත්තා විදෙස් විනිමය ගේනවා කියලා. මේක නිතිවිරෝධී දෙයක් නෙමේ. ව්‍යාපාරිකයෙක් කියන්නේ පුළුවන් තරම් අඩුවෙන් බදු ගෙවලා, සහන අරං, වැඩිපුර ලාභ ගන්නා කෙනෙක්...
හොරු රැළට, කම්බ හොරාගෙන් අලුත් අවුරුදු තෑගි ලැබිලා. අලුත් ව්‍යවස්ථාව සම්මත කරගන්න. ඔලු ටික හදාගන්න සල්ලිත් ඕන ඇතිනේ..
කිරී ඉතිරේවා නව වසරේ... ජනතාවට නොමිලේ විදුලිය.
ටයි පටි පලදින්නන්ගෙන් ප්‍රවේසම් වෙනු!
ඔන්න ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනානේ. අර උසාවියේදී කට වැරැද්ද ගත්ත හාමුදුරුවෝ නම් තම හිරේ. ඇප දෙන්නත් බැරුව.
හිරගෙදර පවතින තදබදය මත එය වැරදි නොවේ. නමුත් එය දේශපාලනික වශයෙන් අවාසි වේ.
හොරෙන් බඩගින්නට ගෙඩි කඩපු කෙනා , උසාවියට අපහාස කළා කියන කෙනා අවුරුදු ගණන් ඇප නොදී සිරකර තබමු .
පොල් හොරකම් කලානම්, නැත්නම් රුපියල් පහළොස්දාහක පගාවක් ගත්තනම් ඇප නැහැ. සිරදඬුවම් විඳලම එන්නොනා.
මේක හොද උදාහරණයක් කවද හරි සත්‍යය ජයගන්නවා කියන එකට. අසාධාරණ ලෙස සිරගත කරනලද වැරැද්දට වන්දියක් ගෙවිය යුතුයි. කොච්චරනම් බැනුම් අහන්න ඇද්ද? කවුද කැමති නිකරුනේ හොරා කියලා අහගන්න.
ඔන්න අපේ රටේ නීතිය. පොඩි වැරදි කරපු දුප්පත් මනුස්සය සදාකල් ඇතුලෙ, තෝරු මෝරු එළියෙ?
පේනවනේ මොවුන් ගේ මුනවල් වල තියෙන හොර බැල්ම
සිරකරුවොත් මනුෂ්‍යයෝය කියන කියමන මේගොල්ලන්ට අදාලද?
මටනම් මේක දැක්කම ඉවසගන්න බැරි කේන්තියක් එන්නෙ.....
ෂාහ් ඇලෝසියස්ට හිරේ ගොඩක් සරුයි වගේ. ඔය ඉන්නේ ලස්සනට. කොහොම වුනත් මේ අවුරුද්දත් ජයෙන් ජයම වේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා.!
ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනය අවසන් කර වාර්තාවත් භාරදී ඇති නමුත් මෙම නඩුව අහල අවසන් කරගැනීමට බැරිවී සැක කාරයන්ට ඇප ලබාදී ඇත , අනෙක් සැක කාරයන් මෙන් මොහු රටින් පැන යාමට ඉඩ තිබේ , මෙපමණ කාලයක් ගිහිනුත් මේ නඩුවට හරියට ගොනු කරගෙන ඉදිරියට ගෙනයාමට බැරි වීම ගැන නීති පති දෙපාර්තමේන්තුව අසමත් වීම , පිළිගත නොහැක .
එක්සත් ජාතික පක්ෂයට ජයවේවා!
දැන් හරි නේ, ආයේත් ජීවිතේට ඔය හොරකම ගැන මුකුත් එලියට එන්නේ නැ. ඕක ඔහොමම ඉවරයි.
ඕව මොනාද අප්පා අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනා ඒ ඇතිනේ
ග්‍රාමීය බැංකු, මහජන බැංකු වගේ දේවල් කඩන එක ලොකු වරදක් වගේ පෙනෙන්නේ නැත්තේ මට විතරද?
බය නැති අගමැති
නැහැ පිටිගල අපිටත් පේනවා නමුත් 57 ට වඩා 62 ලොකුයිනේ. 62 ට ඕක ලොකු නැහැ. අර පෙරහරේ ගිය අලියාගැන පුතාට කීව කතාව වගේ තමයි. 62 ට ඕක සුලුදෙයක්.