(පාලිත ආරියවංශ)
නායයාම් හා ගල්පෙරලීමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ වාහන ගමනා ගමනය අද (13) ආරම්භ කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදය කුමාර මහතා පැවසීය.
ඇල්ල නගරයේ සිට කි.මී. 3ක් පමණ දුරින් පිහිටි කි.මී 24 සහ 25 කණු අතර ප්‍රදේශයේ මෙම නායයාම ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් පසුගිය 25 වැනිදා මාර්ගය තාවකාලිකව වසා දැම්මේය.
ගල් හා පස් ඉවත්කර එක් මං තීරුවක් වාහන ගමනා ගමනය සකස් කර ඇති බව ඇල්ල පොලිසිය සඳහන් කළේය .
අවධානම් තත්ත්වය මුළුමනින්ම අවසන් වී නැති බැවින් රාත්‍රී කාලයේ වාහන ගමනා ගමනය කිරීමට පියවර නොගන්නා ලෙසත් දිවාකාලයේදී විමසිලිමත්ව රිය පැදවිය යුතු බවත් පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල - වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ