(රංජන් කස්තුරි)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු සේවකයින්ට වැටුප් සහිත නිවාඩු ලබාදීම අනිවාර්ය යැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
රාජ්‍ය සේවකයකුට සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට දුර කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයක් ද කිලෝමීටර් 40 ත් 100 ත් අතර දුරක් නම් එක් දිනයක් ද කිලෝමීටර් 100 – 150 ත් අතර නම් දින එකහමාරක්ද සහ කිලෝමීටර් 150 ට වැඩිනම් දින දෙකක් ද ලෙස ඡන්දය භාවිතා කිරීම සඳහා නිවාඩු ලබාදිය යුතු බවද මැතිවරණ කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නිවාඩු දවසක දා ගත්තා නම් වැඩේ ලාබයි නේද?