( ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ලාංකික සිනමාවේ සටන් කලාවට නවමානයක් ගෙනා සටන් නළුවෙකු වූ ඇලෙක්සැන්ඩර් ප්රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.
සටන්කාමී චරිතාංග ඇතුළත් චිත‍්‍රපට 100කට පමණ තම ප‍්‍රතිභාපූර්ණ දායකත්වය ලබා දුන් ඔහු බොක්ස්ඔෆික්ස් වාර්තා පිහිට වූ රුහුණු කුමාරි, හාරලක්ෂය, සරදියෙල්ගේ පුනා, රජගෙදර පරවියො, රක්තා, සූරයන්ගෙන් සූරයා සහ තුෂාරා වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක විය.

COMMENTS
Reply To:
-
සිංහල සිනමාවේ දැවැන්ත චරිත... ආයෙත් මෙවැනි සොඳුරු මිනිසුන් සිංහල සිනමාවේ අපිට හමු නොවේවි. ඔවුන් මෙලොවින් නික්ම යන්නේ සදාකාලික මතකයන් ඉතිරි කරමින්... ඇලෙක්ස් ඔබට නිවන් සුව පතමි!
අපි චුටි කාලයේ සිංහල සිනමාවේ අපිට හිටිය වීරයෙක්. ඇලෙක්ස් ඔබ ඇදහු ආගමේ හැටියට දෙව් සමිඳුගේ තුරුලේ සදා සාමයේ සැතපෙන්න....!!!
සිංහල සිනමාවේ සිටි අති විශිෂ්ට සටන් කාමී නලුවෙක්. සරදියෙල්ගෙ පුතා චිත්‍රපටයෙහි මිල්ටන් මල්ලවආරච්චි විසින් ගායනා කරන ලද "කවුදෝ මිනිසාගේ දෛවය පෙරලන්නේ " ගීතයට රංගනයෙන් එක්වන්නේ මොහුයි. හරිම කලාකරැවෙක්. ඔබට නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කරමි...!!!
කවුරුහරි අභාවප්‍රාප්ත වුනහම නිවන්සුව පැතීම එතරම් හරි නැහැ.. අපි දන්නේ නැහැ ඒ තැනැත්තන් බෞද්ධ ද නැතිනම් වෙනත් ආගමකද ආගමක් අදහන්නේ නැතිද යන වග. එතකොට තමන්ගේ විශ්වාසය අනුව මැරුණු තැනැත්තාවෙනුවෙන් මොකක් හරි ආගමික කියවිල්ලක් කලහම අදාළ තැනැත්තා ඒ ආගමේ නෙවේ නම් අදාළ ප්‍රකාශය අපහාසයක් වෙනවා, ඉතින් වඩා සුදුසු ශෝකය ප්‍රකාශ කිරීමක්, ඔවුන්ගේ ඥාතීන්ට කියන්න මාගේ ශෝකය පිළිගන්න, එහෙම නැත්නම් මෙතුමන්ගේ අභාවය ශෝක ජනක පුවතක්, මාගේ ශෝකය පිළිගන්න වගේ ප්‍රකාශයක්, හරියටම ඇදහිල්ල දන්නවා නම් ඔන්න ආගමට අදාළ මොකක් හරි කියවිල්ලක් ප්‍රාර්ථනයක් කලාට කමක් නැහැ .
සිනමාවට කළ මෙහෙවර අතිවිශිෂ්ටයි. ඔබට දේව අම්මගේ තුරුලට යන්න ප්‍රාර්ථනා කරමි !
ත්‍රාසයට කැමැති පුංචි සන්දියේදී අපේ ලෝකේ හිටපු වීර නළුවෙක් වගේම දක්ෂ සටන් අධ්‍යක්ෂවරයෙක්.මෙතුමා , රොබින් ප්‍රනාන්දු යන අය මේ රටේ චිත්‍රපට සටන් කලාවේ යුග නියෝජනයක් ඔබට සුභ ගමන් !
ආනන්දානීය සිංහල සිනමාවේ ප්‍රථම ඇගයීම පිදුවේ ඇලෙක්සැන්ඩර් ප්රනාන්දු මහතා වෙතයි. දිනය 2018/09/24.... ස්ථානය දළුගම එතුමාගේ නිවසේදී....