IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ඇඹිලිපිටිය ප්‍රා. සභාපතිගේ ධුරය අහෝසියි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානයක්කාර)

රාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිධාරීන් දෙදෙනකුට පහර දී රාජකාරීයට බාධා කළැයි  ඇඹිලිපිටිය  ප්‍රාදේශිය  සභාවේ  සභාපති එම් කේ අමිල් මහතාගේ   (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)   සභාපති ධුරය සහ සභික ධුරය අහෝසි කිරීමට මැතිවරණ දෙපාර්තමේනතුව තීරණය කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික් තේරිම්බාර නිලධාරී සුරංග අඹගස්තැන්න  මහතා විසින්  2019/03/15 දිනැති ලිපියෙන් මේ  සම්බන්ධයෙන් දැනුම් දී  ඇත.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අංක 41140/16 දරණ නඩුවේ තීන්දුව අනුව පළාත් පාලන ඡන්ද විමසිම් ආඥා පනතේ ( 262 වන අධිකාරිය) 9 (1) (ක) වගන්තිය අනුව පළාත් පාලන ආයතනයක සභාපති ධූරය දැරීමට නුසුදුස්සෙකු වන බැවින් එම පනතේ 10 (1) වගන්තිය අනුව සභාපතිත්වය සහ සභික ධූරය අහිමිවන බව එම ලිපියේ දැක්වේ. 

වර්ෂ 2013 මැයි මස 26 දින හෝ ඊට ආසන්න දිනයකදී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ කලාපයේ පනාමුර මිද්දෙනිය පාරේ දඬුහැතැක්ම ප්‍රදේශයේ  රාත්‍රී මුර සංචාරයේ යෙදුනු පොලිස් කොස්තාපල් 32636 නන්දසිරි සහ පොලිස් කොස්තාපල් 41604 පී.ජී. චන්‍ද්‍රසිරි යන දෙදෙනා රාජකාරියේ නිරතව සිටිය දී පහරදී තුවාල සිදුකිරීම සහ රජයේ සේවකයන් දෙදෙනෙකුවූ ඔවුන් දෙදෙනාට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කර තිබුණි.
  
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිත්වය දැරූ එම්.කේ අමිල සහ තවත් තැනැත්තෙක් ඒ නඩුවේ විත්තිකරුවන් විය. 

වරද සිදුකරන වකවානුවේ ද එම්.කේ.අමිල මහතා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටියේ ය. මාස හතරකට පමණ පෙරදී සිදුවූ මෙම සිදුවීම සම්බන්‍ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සම්බන්‍ධයෙන් අධිකරණයේදී වරද පිළිගනු ලැබීය.



අදහස් (27)

ඇඹිලිපිටිය ප්‍රා. සභාපතිගේ ධුරය අහෝසියි

Raveendra Sunday, 17 March 2019 04:50 AM

බොහොම හොද තීරණයක් මෙන්ම සතුටුදායක් පුවතක්. මහජන නියෝජිතයන් යනු මහජනතාවට සේවය කිරීමට ස්ව කැමැත්තෙන් පැමිණෙන්නේ සේවය කිරීමට නම් ඔවුන් අනිකුත් සියලුම පුවවැසියන්ට ආදර්ශමත් විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. අවාසනාවකට කසිප්පු කාරයන් , කුඩුකාරයන් , රස්තියාදුකාරයන් එම තනතුරුවලට පත්කර ගැනීමේදී මෙවන් සිදුවීම් වැලැක්විය නොහැකි බව මෙයද කදිම උදාහරණයකි.සියලුම පක්ෂවල අයට මෙම පුවත කියවීමට හැකිවේවා!!!!

:       0       1615

Sarasi Sunday, 17 March 2019 05:04 AM

පත් වෙන්න උදව් කල උදවියගේ මොළයත් අහෝසි කරන්න පුලුවන්නම් !

:       2       257

upasena Sunday, 17 March 2019 07:21 AM

අර බණ්ඩාරවෙලත් ඔයවගේ සිද්ධියක් වුනා නේද? මැර මන්ත්‍රීවරයෙක් පොලිස් නිලධාරියෙකුට ගහල. එකේ වැඩේ ෂේප් වුනාද දන්නේ නැහැ.

:       18       247

Neelaka Sunday, 17 March 2019 07:23 AM

තීන්දුව දෙනකොට ධූරකාලයත් ඉවරයි නේද? බුක්ති විදපු දේවල් නැවත අය කරගත්තත් වැඩක් නෑ. ගුටි කාපු මිනිහත් ඉන්නවනම්, ගහපු මිනිහත් ඉන්නවනම්, ඉසින්දුටු සාක්ෂිත් තියෙනවනම්, මෙච්චර කල් කාබන් පරීක්ෂාවක් වත් කරාවත්ද.

:       1       267

රවින් Sunday, 17 March 2019 08:05 AM

හා ... පත්වීම හොරට? මෙතෙක් කල් ලබාගත් වැටුප් දීමනා අනිකුත් වරප්‍රසාද . ඔක්කොම ගණනය කරලා එම මුදල් සති තුනක් වැනි කෙටි කාලයකදී නැවත අය කර ගැනීමට කටයුතු යොදන්න. නැතිනම් මහජන මුදල් අවභාවිතය ලෙස සලකා නීතිමය කටයුතු කරන්න. හොර මැරකමින් තොර රටක අඩිතාලමේ එක ගලක් හරි තියන්න.

:       0       227

Mahee Sunday, 17 March 2019 08:17 AM

රජයේ සේවකයෙක් නම් අධිකරණයකින් වරදකරු වූ හැටියේම සේවයෙන් පහ කරනවා. මෙයා මාස තුනක් හිරෙත් ඉඳල ගෙදර ඇවිල්ල සභාපති රාජකාරියත් සැහෙන කාලයක් කලාට පස්සෙයි හදිස්සියේ බලධාරීන්ට මතක් වෙලා තියෙන්නේ යකෝ මෙහෙම නීතියක් තියෙනවනේ, අපි එක ක්‍රියාත්මක කරල නැහැ නොවැ කියල.

:       0       253

kule Sunday, 17 March 2019 08:31 AM

මැතිවරණ කොමිසමට ප්‍රථම ඔහු නියෝජනය කරන පක්ෂයේ නායකයායි ඔහුව පක්ෂයේ සාමාජිකත්වය අහෝසිකරලා පක්ෂයෙන් පන්නා දැමිය යුත්තේය..... රටට ජනතාවට පක්ෂයට ආදරේ නායක යකෙක්නම් කලයුත්තේ එයයි.

:       0       141

Buddika Sunday, 17 March 2019 08:59 AM

බොහොම හොඳ තීරණයක්. දඬුවම මදි වගේ.. මැරයෝ, චණ්ඩිද ප්‍රාදේශීය සභා පාලනයක් කරන්නේ. ඒ වගේ මෝඩයන්ට අපේක්ෂකත්වය දීපු පක්ෂවල නායකයන්ගේ මොලය වගේම ඡන්දෙ දීපු මිනිස්සුන්ගේ මොලයේ ප්‍රමාණයත් පැහැදිලියි. මොලය ඉතාම අඩු ඇඟේ හයිය විතරක් ඇති සභාපතිලට මෙයා වගේම තංගල්ල, හම්බන්තොටත් උදාහරණ.. මේ තුන්දෙනාම එකම පක්ෂයක සාමාජිකයෝ...

:       1       224

chamika Sunday, 17 March 2019 09:34 AM

එතකොට පාර්ලිමේන්තුවේ පුටුවලින්, මිරිස් වතුර වලින්, පොලිස් නිලධාරින්ට පහරදෙනවා මුළු ලෝකෙම දැක්ක, රස්තියාදු කාර නුගත් මැරයන් මෙන් හැසිරුණ, මන්ත්‍රීලට එහෙම නීතියක් නැහැද??

:       0       343

Channa Sunday, 17 March 2019 11:06 AM

කෝ මේ බමුණුආරච්චි? හිතේ අමාරුවටම ඇඹිලිපිටියට දුවලාද, සභාපතිව අස්වසන්න...

:       0       146

BamunuarachchiTuesday, 19 March 2019 12:29 AM

අනේ නැහැ මෙවැනි දේශපාලුවන් සමග මම ඔබලාටත් වැඩිය තරහයි මම කිසිදිනක මොවුන් වෙනුවෙන් වචනයක් ලියා නැත. රටට වැඩක් කල දේශපාලඥයෙක්, 1977 ප්‍රථම සිටි අයට පක්ෂව ලියමි එසේ නොකලොත් එය ගුණමකු කමක් නිසා. මෙවන් දේශපාලුවන් වෙනුවෙන් මම ලියන අදහස් බොහොම දරුණුය ඒ නිසා නොලියා සිටියෙමි.

:       1       0

විජිත් Sunday, 17 March 2019 12:18 PM

ලැජ්ජා නැතිව ආපහු පරණ රස්සාවට ආවනේ... දැන් ඉතින් ප්‍රාදේශීය සභාවට එන්නටත් කලින් කරපු පරණ රස්සාව ඒ කියන්නේ.. රෑට රෑට හොර පොල් කඩන්න, ගස් බඩගාන එක කරන්න වේවි... මෙයාට පමණක් නොවෙයි.. ඔය දියවන්නාවේ මහේශාක්‍ය ලීලාවෙන් වැජඹෙන... ඉස්සර හොර පොල් කඩපු ... රටවැසියන්ගේ ලේ උරාබොන මිනීමරු ඌරු රංචුවටත් පොදුයි. ඉදිරි මැතිවරණවලදී රටවැසියන් සියලුදෙනාම එකා ලෙසින් නැගී සිටියොත්... ඒ දවස වැඩි ඈතක නැහැ.

:       0       109

RaveendraSunday, 17 March 2019 04:13 PM

විජිත් මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. දියවන්නා ඔයේ ගවයන් වැඩිදෙනෙකු සුදුපිරුවට වස්ත්‍ර ලෙස ඇගේ "ඔතාගන්නේ " සිතල දේශගුණයෙන් බේරීමට හැර විලි වසා ගැනීමට නොවෙන බව ළදරුවෙකුට වුනත් වැටහෙන කාරණයකි. අවාසනාවකට 225ක් වූ පින් නඩේ මෙය නොතේරෙන සේ සිටීමත් එක්තරා විදියක මෝඩ දක්ෂකමකි.

:       0       76

Buddika Sunday, 17 March 2019 02:47 PM

ආ... බමුණුආරච්චි රෙදි හෝදන්න ගිහිල්ලා අර දිහාවේ... කුස්සියේ වළන් ටිකත් සෝදලා වැසිකිලියත් සෝදලාම කමෙන්ට් කරයි.

:       1       123

Chanak Los angelesSunday, 17 March 2019 07:28 PM

හොඳ වැඩක්.

:       0       3

BamunuarachchiTuesday, 19 March 2019 04:23 PM

ඔය ගොල්ලෝ අනුන්ගේ කුස්සියේ වළං ටිකත් සෝදලා වැසිකිළියත් සෝදලාම කමෙන්ට් කළාට මම මගේ කුස්සියේ වළං ටිකත් සෝදලා වැසිකිලියත් සෝදලාම කමෙන්ට් කරනවා. එකේ වැරද්දක් තිබෙනවද? ගොබ්බයින්ට තර්ක කරන්න අදහස නැති වුණාම ඔය විදිහට කියනවා. අපිට ඕවා පාසල් කාලේ ඉඳලම අහලා පුරුදුයි. ඔයිට වඩා හොඳ තර්කයක් ඉදිරිපත් කරනවා නම් අඩුගණනේ ඉස්කෝලෙක ගියා කියා වත් හිතා ගන්න පුළුවනි. දැන් පෙනෙන්නේ මුන්ගේ පරම්පරාවලම අනුන්ගේ රෙදි හෝදපු අය වගේ.

:       0       6

Prasad-Male Sunday, 17 March 2019 03:39 PM

මහින්දගේ වැඩ ටික හොඳටම කලේ ඔහුය. එසේම බස් රථ රියදුරෙකුට පහර දුන්නේ මොහුගේ බිරිඳයි.

:       1       96

BamunuarachchiWednesday, 20 March 2019 01:31 AM

බස් රියදුරෙකුට පහර දුන්නේ අතින්ද? කවුරු පහර දුන්නත් පහර දියයුතුව තිබුනේ පයින්.

:       0       0

ධම්ම Sunday, 17 March 2019 04:47 PM

ඔහුගේ සභාපතිත්වය සහ සභික ධුරය අහිමිවීම පමණක් නොව නැවත ඡන්දය ඉල්ලීමේ අයිතියද අහෝසි කළයුතුය.

:       0       79

ranjith Sunday, 17 March 2019 05:10 PM

ඉතාම හොඳ තීරණයක්... මේ විදියටම පසුගියදා පාර්ලිමේන්තුවේ අසෝබන විදියට හැසිරෙමින් පාර්ලිමේන්තු දේපලවලට හානි කළ අයටත් මෙලෙසම දඬුවම් දුන්නොත් තමයි රට යහමගට ගන්න හැකිවෙන්නේ...

:       0       71

nali Sunday, 17 March 2019 06:32 PM

අනේ පවු ! උගත් නීතිඥයෝ මෙයාව බේරාගන්න එන්නේ නැතුව ඇති !

:       0       0

Sarasi Sunday, 17 March 2019 07:11 PM

කිසිම උගත්කමක් තියා රටේ සිවිල් නීතියවත් හරියට නොදන්නා චන්ඩින් නිකන් ගිහින් මන්ත්‍රී පුටුවල වාඩි වෙන්නේ නැහැ. හීනෙන් වගේ ඡන්ද කොලේ කතිරේ ගසන, මොන ආණ්ඩුවක් හෝ යටතේ තමන්ට ඇඟ බේරාගෙන ඉන්න පුළුවන් යයි සිතු ඡන්ද දායකයන් තමයි මෙයට මුලිකව වගකිව යුත්තේ. කරුණාකර මුහුණ බලා ඡන්දෙ දීම දැන්වත් නවත්වන්න. අපේක්ෂකයාගේ උගත්කම, ඔහුට දේශපාලනය නැතිව ජීවත් විය හැකි වෘත්තීය සුදුසුකම් තිබේද , නීතිගරුකද , සමාජ ආචාර ධර්ම පිළිපදිනවාද යන්න විතරක් නෙවෙයි. ගෙදර ළමාතැනී වැදගත් කුල කාන්තාවක්ද , පිළිගත් ආදායම් මාර්ග තිබේද යන්නත් වැදගත්. නැතිනම් අපිට පිස්තෝල එල්ලකරගත් හාමිනේලා සහ ජනතාවගේ බදු මුදලින් යැපෙන්න බලන් ඉන්න , වයස අඩුවෙන් ප්‍රකාශ කරමින් පෙනී සිටින තොරම්බල් කරත්ත නඩත්තු කරනවා ඇරෙන්න වෙන වැඩක් නැත.

:       0       1

appuhami Monday, 18 March 2019 01:27 AM

මහින්ද මහත්තය හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ

:       52       25

kanjipaani gota Monday, 18 March 2019 02:44 AM

බමුණු ආරච්චි උන්නැහේ ආයෙමත් වාට්ටුවකට හදිසියේම ඇතුළුවෙලා ප්‍රතිකාර ලබා ගන්නවලු!

:       0       11

upul Monday, 18 March 2019 07:54 AM

ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නෙ මේවට තමයි...

:       0       0

Bamunuarachchi Tuesday, 19 March 2019 12:13 AM

රාළහාමිලා මෙයා දැන් නිකම්ම නිකන් මිනිහෙක්. දැන් ඔබලාගේ වාරය.

:       0       0

Bamunuarachchi Wednesday, 20 March 2019 01:34 AM

අධිකරණයෙන් ලැබුණු දඬුවම මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 789 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 546 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2256 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2246 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 235 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2677 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site