(ඩයනා උදයංගනී)
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති ‘‘ඇම්ෆන්’’ යනුවෙන් නම් කර තිබෙන සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය හෙට (18) දිනයේදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලබන 20 වැනිදා වන විට බටහිර බෙංගාල වෙරළ ප‍්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප‍්‍රදේශ ඉතා රළු විය හැකි නිසා තවදුරටත් මුහුදුයාමෙන් වැළකී සිටිය යුතු බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට හා නාවුක කටයුතුවල නිරතවන්නන්ට දැනුම් දීමක් කරයි.
විශේෂයෙන් ගිනිකොණ සහ යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 110 පමණ වේගවත් ප‍්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා සදහන් කළේය.
මෙම අඩුපීඩන තත්ත්වයේ බලපෑමෙන් ඉදිරි දිනවල දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශයන්හි ඉතා තද වැසි ඇතිවිය හැකි බව ද ඔහු පැවසීය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
435
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ඇම්ෆන්’ සුළි කුණාටුව චණ්ඩ වන ලකුණු‘‘