( තිළිණි ද සිල්වා )

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ ආධාර යටතේ කොළඹ මහාධිකරණය සදහා අවශ්‍යව තිබූ ශ්‍රව්‍ය හා දෘශ්‍ය උපකරණ තොගයක් පිරිනැමූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සීටී.

අධිකරණ අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව මෙම උපකරණ පරිත්‍යාග කළ බවද ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.

පරිත්‍යාග කළ මෙම ශ්‍රව්‍ය හා දෘෂ්‍ය උපකරණය මඟින්  කොවිඩ් 19  ආශ්‍රිත සීමා කිරීම් වලදී උසාවියට  උසාවියේ කටයුතු සටහන් කර ගැනීමට , පිටපත් කිරීමට සහ විනිශ්චය කිරීමට පහසුකම් සැලසෙන බවත් , එමගින් ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා අධිකරණ ක්‍ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇතැයි තානාපති කාර්යාලය කියා සිටී.

අදාළ උපකරණ තොගය එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය ශ්‍රී ලංකා අධ්‍යක්ෂක ඊඩ් ඊෂ්ලිමන් මහතා විසින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා වෙත අද (01)  අධිකරණ අමාත්‍යාංශයේදී නිල වශයෙන් බාර දුන් බවද ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි.