(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ඍජු ගුවන් ගමන් පහසුකම් නොමැති නිසා , ඔවුන් ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණ , එතැන් සිට මෙසේ ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණි.
ඔවුහු ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන විශේෂ ගුවන් යානයෙන් අලුයම 4.47 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු කෙරුණි.
COMMENTS
අපේ අය අපිට වටිනවා.. ඒත්, විශාල පිරිසක් රෝගයෙන් ඇමරිකාවේ මියගිය බව අමතක නොකළ යුතුයි. ඒ නිසා පිටරට සිට එන අය ගැන කටයුතු කිරීම හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.. හරිම පරිස්සමින් කටයුතු කරගැනීම වැදගත්...
අර පෙරේරා කියන කෙනාගේ පුතත් ඉන්නවාද? පින්කෙත් හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා... හේතු වාසනා...!!!
කුවේට් ඇතුළු මැදපෙරදිගට තවමත් කුඩම්මාගේ සැලකිලි. හැමදාම අද ගන්නවා, හෙට ගේනවා කියමින් කල්මරනවා. එදා රටවිරුවන් අද අන්ත අසරණ වෙලා. අදත් එක් ශ්‍රී ලාංකිකයෙක් මියගියා කුවේට් වල. සමහරවිට මට දොස් කියයි. ඒත් අපේ අසරණයන් වෙනුවෙන් මේ සටහන... ස්තූතියි..!!!
එයාලා ආවෙත් නොමිලේමද?
කටාර්, කුවේට්, සෞදියේ හිරවෙලා ඉන්න පුරවැසියනුත් ගෙන්න ගන්න බලන්න...
ප්‍රීති.. ප්‍රීති.. පුරෝහිත ප්‍රීති රත්තරන් හැන්දෙයි, රිදී හැන්දෙයි, පිත්‍තල හැන්දෙයි, යකඩ හැන්දෙයි හා තෙල්බදින හිල් හැන්දෙයි වෙනස ඕකයි යාලුවනේ...
කවුද මේවට සල්ලි ගෙවන්නෙ, දන්න කෙනෙක් ඉන්නව නං කියන්න. මෙයලටත් පිසිඅාර් කරන්නේ අපිට ලැබෙන අහිංසක සල්ලි වලින්ද?