
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන පළමු ලෝක යුද්ධයේදී යුද පිටියේ තුවාල ලබා මියගිය අය මෙන් දෙගුණයක් යැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
‘කොවිඩ්-19’ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පුවත්පත්වල ඇතුළු අනෙකුත් මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබේ.
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වෙමින් තිබෙන මොහොතක ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේදී ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වූ අතර එය ද දැඩි විවේචනයට ලක්විය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වුවද වයිරසය ආසාදනය වී මියගිය අය සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොකිරීම හේතුවෙන් ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක්විය. මේ සම්බන්ධයෙන් ලිපියක් පළ කරන ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත අතීත සිදුවීම් හා සැසඳීමක් ද කර ඇත.
ඒ අනුව පසුගිය සති 12ක කාලයේදී කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන ‘වියට්නාම සහ කොරියානු යුද්ධ’ දෙකෙන්ම මියගිය ගණන හා සමාන වේ. හිරෝෂිමාවට සහ නාගසාකි වෙත ඇමෙරිකාව හෙලූ න්‍යෂ්ටික බෝම්බ දෙක හේතුවෙන්, එම බෝම්බ පිපිරී ගිය අවස්ථාවේදී මියගිය ගණන මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණනට සමාන වේ. ජපානයට හෙලූ එම න්‍යෂ්ටික බෝම්බ දෙක හේතුවෙන් බොහෝ පිරිසක් තවමත් මරණයට පත්වෙමින් සිටිති.
මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ ගණන, ඉරාක යුද්ධ 22 කින්, සැප්තැම්බර් 11 ප්‍රහාර 33කින්, ඇෆ්ගනිස්තාන යුද්ධ 41කින්, පර්ල් වරායට එල්ල වූ ප්‍රහාර 42කින් සහ බෙංගාසි ප්‍රහාර 25,000කින් මියගිය ඇමෙරිකානුවන් ගණනට සමාන වේ. බෙංගාසි ප්‍රහාරය යනු ලිබියාවේ බෙංගාසි නුවර පිහිටි ඇමෙරිකානු ගොඩනැගිලිවලට එල්ල වූ ප්‍රහාර මාලාවකි. එම ප්‍රහාරයෙන් ඇමෙරිකානුවෝ සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අර්බුදකාරී අවස්ථාවල ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වීම නිසා ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන ඩ්වයිට් ඩී. අයිසන්හවර්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, බැරැක් ඔබාමා යන අයද මේ අයුරින් දැඩි විවේචනයට ලක්විය.
නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මාසයේ සිටම අනතුරු අඟව තිබියදීත් ජනාධිපති ට්‍රම්ප් ඒවා ගණනකට නොගත් බවත් ඔහු දැනුත් ඒවා ගණන් නොගනිමින් සෞඛ්‍ය උපදෙස් නොතකමින් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන කටයුතු කරන බවත් ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ වනවිට රටේ ආර්ථිකය නැවත විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අද (26) පස්වරු 5.30 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 97,884කි.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ගණනය කරන තවත් වෙබ්අඩවියක් වන ‘වර්ල්ඩෝමීටර්ස්’වලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 99,300ක් විය.
ද නිව්යෝක් ටයිම්ස්’
055
COMMENTS
ඇමරිකාවේ තාම ලක්ෂයයි මැරිලා තියෙන්නේ. ඒ මරණ සංඛ්‍යාව ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්ෂාවෙන් හිටපු සංඛ්‍යාවට වඩා හුඟක් අඩුයි. ඒ හින්දා ගෙවල් ඇතුලේ ආරක්ෂිතව ඉන්න මිනිස්සු එලියට ඇදලා අරන් රෝගයට නිරාවරණය කරන්න ට්‍රම්ප් සෑහෙන ගේමක් දෙනවා.
නියම ලෝක නායකයෙක් නේද?
දැන දැන බෝම්බ ගහද්දි සිංගප්පූරුවේ ෂොපිං කවුන්ටර්වල හිටන් හිටපු ජනපතිවරයෙකුත් හිටියලු...
ට්‍රම්ප් මොඩයා වුණත් ආගම සහ ජාතිය දේශපාලනයට පූට්ටු කරලා මෝඩයින්ගෙන් ඡන්ද බිලිබා ගන්නවා. ලංකාවේ අපි ඒවා බලලා "අපේ රටේ ඒවා බැහැ කියලා උජාරුවෙන් හිනාවෙනවා. හාහා හාහා....
ලෝකයට යුද්ධ උපකරණ හදන රටවල් කොරෝනා සටහනේ උඩින්ම ඉන්නවා.
රනිල් ජාතියේ කෙනෙක් තමයි. මතකයිනේ පාස්කු ප්‍රහාරයට පස්සේ...
ඉතින් මොකද? මිනිහාටත් මැරෙන්නද කියන්නේ? කාගේ හරි දොස් දකින්න ඕන වුණාම පස්සෙන් එලව එලවා ගහනවා. මෙහෙත් එහෙම තමයි. හූල්ට ගහන විදිහ පෙනෙනවානේ!
පුදුම වෙන්න දෙයක් නෑ. මෙහෙත් සාප්පු සවාරි ගියා... ඒ වගේ අය හිටියනේ.
ඇමරිකානු පුරවැසියා සිතන්නේ පතන්නේ මහා අමුතුම විදිහකටයි.ඒ බව මා ද පුද්ගලිකවම දන්නා දෙයක්.ඒ අයට බින් ලාඩන් ප්‍රමුඛ ත්‍රස්තයන්ගෙන් තිබුණේ මහා පුදුම වදයක් සහ බියක්.ඔවුන්ගේ සුදු ජාතික නායකයන්ට එම ප්‍රශ්ණය විසඳීමට නොහැකි වුණා.ඒ අවස්ථාවේ ඔවුන් කළේ මුස්ලිම් සම්භවයක් ඇති ඔබාමාව ජනපති කිරීමයි.ඔවුන්ගේ තීරණය නිවැරදියි. ඔබාමා ඉතාමත් ශුක්ෂමව බින් ලාඩන්ව ඉවරයක් කළා.යම් හෙයකින් එසේ නොවුණ නම්,එය අපටත් ඉතා අහිතකර ලෙස බලපානවා.ඇමරිකානු ජනතාවගෙන් අපහට ආදර්ශයක් ගතහැකි වුවත්,අපේ සමහර දෙනා තවමත් එය බුද්ධිමත්ව වටහාගෙන නැහැ.
මම දැකපු කාලකණ්ණිම ජනපතිවරයෙක්... මේ වගේ අය පත්කරගැනීමේ විපාක ඔවුන්ම දැන් භුක්තිවිඳිනවා ඇති.... ඉස්සර අපිටත් එහෙමනේ තිබුණේ... නේද?
ඇමරිකානු ජනාධිපතිගෙත් ඒ ඒ හැටි වෙනසක් නෑ...
අන්න නියම ජනාධිපතිවරු, ගෝඨා මහත්තයටත් පුළුවන් අඩු තරමේ ක්‍රිකට් හරි ගහන්න. එතකොට ඔය මෙහෙ මරණ ගණන් අඩුවීම හින්ද මාර දුකකින් ඉන්න පොරවල් වලට කියන්න මොනවා හරි තියේවි.
මහලොකුවට ලෝකෙට පේන්න කයිවාරු ගැහුවට ලෝකයේ ලොකුම පාලකයා ඉන්නේ ඇමෙරිකාවේ කියලා මේ වෙනකොට ඔප්පුකරලා ඉවරයි.. ඔය මිනිස්සුන්ට වැඩ බැරිනම් අර අප්‍රිකානු රටවල මිනිස්සුත් දක්ෂයිනේ... ඕක තමයි කියන්නේ කතාව දෝලාවෙන් ගමන පයින් කියලා...
රෝමය ගිනිගන්න කොට නීරොත් වීණා වාදනය කළාලුනේ..
ලංකාවේ ඉන්න මෙයාගේ මල්ලි මොනවා කරයිද දන්නේ නැහැ...
හරියට අපේ සිරි පියා වගේ.... වෙලාවට ගෙදර ඇරියේ..
"ඇමරිකාව හා ඇමරිකානු ජනතාව පළමුව" යන දැඩි ජාතිවාදී ප්‍රතිපත්තියක් හෙලිදක්වමින් ඡන්දය ජයග්‍රහණය කළ ට්‍රම්ප් මහත්තයා, දැන් ඉතින් ගොල්ෆ් නොගහා, මරණ ගෙවල් වලට ගොස් අඬඅඬා කඳුළු සලමින් ජීවත්වෙයි කියලද දේශප්‍රේමියෝ රැල හිතාගෙන ඉන්නේ..? ඇමරිකානු දේශප්‍රේමීන්ටයි, අමරිකාවටයි වෙලා තියන දේ දැන් පේනවනේ? ලෝකෙන්ම පළමුවැන්නා වෙලා..
නැව ගිලුණත් බෑන්ඩ් චූන්...
"ඇමෙරිකාවේ මරණ ලක්ෂයට ළඟාවෙද්දි ට්‍රම්ප් ගොල්ෆ් ගසයි" නැතුව මෙයා මළ ගෙවල්වල වෙස්සන්තර ජාතකය කියන්නද? විකාර..!