ඇමෙරිකා එක්සත් ජනපදයේ විරෝධතා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සහ ඔවුන් සිරගත කිරීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා අද (2) කීය.
‘‘ලොවපුරා මාධ්‍යවේදීන්ට නිදහසේ ඔවුන්ගේ රාජකාරිය කිරීමට අවස්ථාව තිබිය යුතුයි. බියෙන් හා සැකයෙන් තොරව ඔවුන්ට ඔවුන්ගේ රාජකාරි කරන්න බලධාරීන් ඉඩ සලසන්න ඕනෑ’’ යැයි අග්‍රාමාත්‍ය ප්‍රකාශක ජේම්ස් සැල්ක් කීය.
පසුගිය දින කිහිපයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා වන බවත් විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වූ බවත් කී හෙතෙම එක්සත් රාජධානිය ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින්නේ යැයි කීවේය.
‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය අප හද කම්පා කරනවා. එයින් විපතට පත් සියලු දෙනාට අපි කනගාටුව හා ශෝකය පළ කරනවා’’ යැයි ජේම්ස් සැල්ක් කීය.
‘‘ජනතාවට නිදහසේ විරෝධතා දැක්වීමට ඉඩ තියෙන්න ඕනෑ’’ යැයි ද ඔහු කීය.
‘‘පොලිස් නිලධාරියාට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙනවා. යුක්තිය සහ සාධාරණත්වය ඉටු වනු ඇතැයි අපි විශ්වාස කරනවා’’ යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.
අල්ජසීරා
055
COMMENTS
"ලොව පුරා සිටින මාධ්‍යවේදීන්ට නිදහසේ ඔවුන්ගේ රාජකාරිය කිරීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතුයි. බියෙන් හා සැකයෙන් තොරව ඔවුන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට බලධාරීන් ඉඩ සලසන්න ඕනෑ " යන්න ගැන අවධානය යොමුකිරීම වටී.මෙය අපේ රටේ සියලු දේශපාලකයන්ද තදින්ම සිහිතබා ගත යුතුය.පුවත්පත් කලාවේදීන්ගේ යහපත උදෙසා "ඩිෆමේශන් ඇක්ට්" පනත අතිකලේද විදේශිකයන් විසිනි.
එහෙම වුණේ නැහැ කියලා මෙයාලා මොනවා කරන්නද? ඇමෙරිකාවත් එක්ක යුද්ධ කරන්නද?
බලාගෙනම ඉන්න .කට අරින්න එපා. ලෝකෙට ලොක්කාට අනුන්ගේ වදන් තේරෙන්නේ නැත්තේ මොලේ කොරෝනා හැදිලා. මෑන්ස්සුත් පහුගිය ටිකේ ඇවිලෙන ගින්නට පිදුරු දැමුවා නේද? ඔං ඒ පැත්තේ පොලිසියේ ලොක්කෙකුත් කීවාලු මෑන්ස් ගේ කට වැහැව්වොත් ප්‍රශ්නේ ඒ ගොල්ලන්ට විසඳන්න පුළුවන් කියලා.
අපේ රනිල් මහත්මයා ට්‍රම්ප්ට ලියුමක් යවලා නැතිද?
නමුත් අපේ රටේ මේ "ඩිෆමේශන් ඇක්ට්" පනත ක්‍රියාත්මක වෙනවද කියන සැකය නම් තියෙනවා.
සුද්දන් අතර වෙසෙන මිනිසකුගේ අදහසක්.