IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


’ඇමෙරිකාවේ මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාර ගැන විමසිල්ලෙන්’

ඇමෙරිකා එක්සත් ජනපදයේ විරෝධතා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සහ ඔවුන් සිරගත කිරීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා අද (2) කීය.

‘‘ලොවපුරා මාධ්‍යවේදීන්ට නිදහසේ ඔවුන්ගේ රාජකාරිය කිරීමට අවස්ථාව තිබිය යුතුයි. බියෙන් හා සැකයෙන් තොරව ඔවුන්ට ඔවුන්ගේ රාජකාරි කරන්න බලධාරීන් ඉඩ සලසන්න ඕනෑ’’ යැයි අග්‍රාමාත්‍ය ප්‍රකාශක ජේම්ස් සැල්ක් කීය.

පසුගිය දින කිහිපයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා වන බවත් විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වූ බවත් කී හෙතෙම එක්සත් රාජධානිය ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින්නේ යැයි කීවේය.

‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය අප හද කම්පා කරනවා. එයින් විපතට පත් සියලු දෙනාට අපි කනගාටුව හා ශෝකය පළ කරනවා’’ යැයි ජේම්ස් සැල්ක් කීය.

‘‘ජනතාවට නිදහසේ විරෝධතා දැක්වීමට ඉඩ තියෙන්න ඕනෑ’’ යැයි ද ඔහු කීය.

‘‘පොලිස් නිලධාරියාට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙනවා. යුක්තිය සහ සාධාරණත්වය ඉටු වනු ඇතැයි අපි විශ්වාස කරනවා’’ යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.


අල්ජසීරා

055



අදහස් (7)

’ඇමෙරිකාවේ මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාර ගැන විමසිල්ලෙන්’

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 June 2020 05:45 PM

"ලොව පුරා සිටින මාධ්‍යවේදීන්ට නිදහසේ ඔවුන්ගේ රාජකාරිය කිරීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතුයි. බියෙන් හා සැකයෙන් තොරව ඔවුන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට බලධාරීන් ඉඩ සලසන්න ඕනෑ " යන්න ගැන අවධානය යොමුකිරීම වටී.මෙය අපේ රටේ සියලු දේශපාලකයන්ද තදින්ම සිහිතබා ගත යුතුය.පුවත්පත් කලාවේදීන්ගේ යහපත උදෙසා "ඩිෆමේශන් ඇක්ට්" පනත අතිකලේද විදේශිකයන් විසිනි.

:       13       106

Prasanna Tuesday, 02 June 2020 08:17 PM

එහෙම වුණේ නැහැ කියලා මෙයාලා මොනවා කරන්නද? ඇමෙරිකාවත් එක්ක යුද්ධ කරන්නද?

:       0       12

රවින් Tuesday, 02 June 2020 09:00 PM

බලාගෙනම ඉන්න .කට අරින්න එපා. ලෝකෙට ලොක්කාට අනුන්ගේ වදන් තේරෙන්නේ නැත්තේ මොලේ කොරෝනා හැදිලා. මෑන්ස්සුත් පහුගිය ටිකේ ඇවිලෙන ගින්නට පිදුරු දැමුවා නේද? ඔං ඒ පැත්තේ පොලිසියේ ලොක්කෙකුත් කීවාලු මෑන්ස් ගේ කට වැහැව්වොත් ප්‍රශ්නේ ඒ ගොල්ලන්ට විසඳන්න පුළුවන් කියලා.

:       0       22

සමන් - ඕමානයWednesday, 03 June 2020 03:05 PM

මම මේ බලන්නේ අර යෙස්මින් සූකාට නින්ද ගිහිල්ලාවත් දෝ කියලා. අපේ රටේ පොඩි සිද්ධියක් වුනොත් රෙද්ද කරට අරගෙන කෑගහන උන්දැ හා එන් ජී ඕ කාක්කෝ ටික පුදුම නිශ්ශබ්දතාවයක ! ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනය මානව හිමිකම් ගණයට ගැනෙන්නේ නැතුවා වත්ද?

:       0       43

chandima Wednesday, 03 June 2020 02:57 AM

අපේ රනිල් මහත්මයා ට්‍රම්ප්ට ලියුමක් යවලා නැතිද?

:       2       12

Rizwan Wednesday, 03 June 2020 03:10 AM

නමුත් අපේ රටේ මේ "ඩිෆමේශන් ඇක්ට්" පනත ක්‍රියාත්මක වෙනවද කියන සැකය නම් තියෙනවා.

:       0       11

ලැවොයිසියර් Wednesday, 03 June 2020 04:17 AM

සුද්දන් අතර වෙසෙන මිනිසකුගේ අදහසක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site