ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඞ්නි පෙරේරා මහතා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඉකුත් දා (8) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත සිය අක්ත පත්‍ර ප්‍රදානය කළේය.
මෙහිදි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ නව තානාපති රොඩ්නි පෙරේරා මහතා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා රොඩ්නි පෙරේරා මහතා මෙම අවස්ථාවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ලෝවාමහාපය සහ ජේතවනාරාමයේ ඡායාරූප දෙකක් ද තිළිණ කළේය.
055

COMMENTS
මේ පින්තුරේ ඇඩෝබිය දාලා හදපු එකක් නෙමෙයි නේද?
එක්තරා කාලෙක ලංකාවේ උන්නු එක්තරා අගමැති වරයෙක් අැමෙරිකාවෙන් ආනයනය කරපු එක්තරා මාධ්‍යවේදී තුමෙක්ට කියලා, ඇමෙරිකාවේ ජනාධිපති මන්දිරය පිටුපස තිබෙන ඩමියකට කරට අත දාලා ඩොලර් විස්සකට ඡායාරූපයක් අරන් ජෝජ් බුෂ් කරට අත දාගෙන උන්නා කියලා ලංකාවේ ප්‍රධාන පුවත් පතක පලකලේ... එහෙව් එකේ ඇඩෝබියට දාලා පත්තරේ දැම්මට මොකද වෙන්නේ? තව පොඩ්ඩෙන් ඒකාලේ උන්නු ජනාධිපතිනියත් රැවටෙනවා දුර දිග බලලා... ඒ කරපු වංචාවට.
පොටෝෂොප් කරපු පින්තුරයක ලක්ෂණ තියෙන්නේ...
කුහකයෝ හිතන්නේ මේක ෆොටෝෂොප් කියලා. අක්තපත්‍ර බාරදෙන්නේ ජනාධිපතිටයි.