
ඇමෙරිකා එක්සත් ජනපදය හදිසි උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් ලෙස ඇමෙරිකාවේ ඛනිජ තෙල් අතිරේක සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 30 ලෝක බොරතෙල් වෙළඳපොල වෙත නිදහස් කරන බව නිවේදනය කළේය.
ඒකාබද්ධ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (අයි.ඉ.ඒ) රැස්වීමකින් පසුව රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් අහස උසට නගින බොරතෙල් බැරලයක මිල පාලනය කිරීම සඳහා සාමාජික රටවල් 30 විසින් තම අතිරේක බොරතෙල් සංචිත වලින් බොරතෙල් බැරල් මිලියන 60 ක් ලෝක වෙළඳපොල වෙත නිදහස් කිරීමට එකඟ වී ඇත.
අද (2) ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 109.83 වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 108.10 විය.
(රොයිටර්)
COMMENTS
රුසියාව ට සම්බාධක දානකොට රුසියාව කිව්වා වක්‍රාකාරයෙන් ඇමරිකාවට දුක් විඳිනවා කියලා... දැන් ඒක වෙමින් තිබෙනවා. ඇමරිකාව තෙල් සංචිත සේරම නිදහස් කරයිද? තෙල්මිල දැන් අඩුවේද? යුරෝපා රටවලටත් ආසියාවටමත් බරපතල ලෙස බලපානවා. රුසියාවට බලශක්තිය අර්බුදයක් නැහැ. ආහාර අර්බුදයක්ද නැහැ...