IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමැති සිසිර වැටුප පරිත්‍යාග කරයි

(සුජිත් හේවාජුලිගේ )

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සිය අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

කොවිඩ් වසංගත තත්වය හමුවේ ජනතාව පත්ව ඇති පීඩාකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන තම අගෝස්තු මස වැටුප මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය කළ බව ජයකොඩි මහතා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරී වීරසේකර මහත්මිය වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.

 



අදහස් (19)

ඇමැති සිසිර වැටුප පරිත්‍යාග කරයි

සෑම් Sunday, 22 August 2021 04:29 PM

ඇමැතිලාට ඕනෑ නම් එක මාසෙක නෙමෙයි, හැම මාසෙම පඩිය රජයට දෙන්න කියන්න. මොකද වෙන ක්‍රමවලින් පඩිය වගේ හතර, පස් ගුණයක් හම්බකර ගන්න ලොක්කා වැඩේ හදලා දෙයි. හැබැයි රජයේ සේවයේ අපේ පඩියට අත තියන්න එන්න එපා...

:       6       24

mahesh jayasekara Sunday, 22 August 2021 04:47 PM

මෙයා එක මාසයක් දුන්නා කියලා වැටෙනවා. හිටපු අගමැති රනිල් මැතිතුමා අවුරුදු 40ක් වැටුපක් ගන්නේ නැතිව රටට සේවය කළා. ඒ ගැන කොතැනකවත් සඳහනක් නෑ. මෙයාගේ එක මාසේ වැටුප නෙවේ, කොරෝනා ඉවර වෙනකම් පරිත්‍යාග කළත් රට වෙනුවෙන් ජනතා සේවය සම්පූර්ණ නැහැ. සල්ලි ඕනෑනම් මෙයාට නයි සාදුගෙන් අතමාරුවක් කරගන්න බැරියෑ...

:       3       20

chandimaSunday, 22 August 2021 11:58 PM

රනිල්ට අවුරුදු 40 ක් නෙමෙයි, පරම්පරා 40ක් වුණත් වැටුප් නැතිව ඉන්න බැරිද? මහබැංකුවේ තිබුණු රටේ ජනතාවගේ සල්ලි වලින් භාගෙකටම විද්දනේ..? මතක නැද්ද? 

:       1       0

ks Sunday, 22 August 2021 05:04 PM

ඇමතිතුමා පඩිය දුන්නට දීමනා ගන්නවානේ... රජයේ සේවකයින්ට පඩිය වගේ හත් අට ගුණයක් දීමනා නැහැ ඇමතිතුමා...

:       3       18

අබිලින් Sunday, 22 August 2021 05:19 PM

මේ කියන්නේ පාට් ටයිම් ජොබ් එකේ වැටුප දුන්නා කියලනේ. ඇමති කෙනෙකුට පුද්ගලික ලේකම් කෙනෙක් සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් ලෙසට කාර්ය මණ්ඩලයක් සිටිනවා. එවැනි තනතුරු වලට පත්කර ගන්නේ තමාගේ බිරිඳද, නැත්නම් දරුවෙක් තමා ඉතින්... ඒ ආදායම පවුලටමනේ. ඒ නැතත් අමතර දීමනා කොපමණ තියෙනවද? කොම්ස් කුට්ටි වැටුප වගේද?

:       4       13

SL Sunday, 22 August 2021 05:19 PM

හොඳ වැඩක්. මම හිතන්නේ සහායක් වශයෙන් මේ අවුරුද්ද අවසාන වන තෙක් වැටුපෙන් 1/4ක් කපා හරින්න... දේශපාලන අධිකාරියට හැකිනම් සියලු රාජ්‍ය සේවකයින්ට ඒ ආකාරයේ වැටුප් අඩු කිරීමකට එකඟ විය හැකියි.

:       11       7

දාස Sunday, 22 August 2021 05:39 PM

ඕවා හොඳයි පත්තරේට. අර පාව්ච්චි කරන මාලිගා වගේ වාහනේ වෙන්දෙසි කරලා කෝටි ගාණක් අරගෙන පොඩි වාහනයක් ගන්න. ඊට පස්සේ වාහනෙත් එක්ක පින්තූරයක් පත්තරේ දාලා ඉතුරු සල්ලි අරමුදලට දෙන්න. අන්න එතකොට අපි බොරුකාරයා වෙනුවට වැඩකාරයා කියලා කියන්නම්...

:       4       22

Malli Sunday, 22 August 2021 05:39 PM

පඩිය විතරක් නොවේ... තියෙන ඔක්කොම දේපළ දෙන්න ඕනේ... පැණි නැටුම් නටලා ඉන්නේ.. වැකේෂන් ටික කල් දැම්මට... කාලකණ්ණි.. හෙණම ගහනවා.

:       6       16

Ranil Sunday, 22 August 2021 06:00 PM

මෙයා ඉන්න පළාතේ කප්පම් ගැනිල්ල වැඩිවෙයි මේ මාසේ...

:       2       12

pasan Sunday, 22 August 2021 07:19 PM

ඔය කොරෝනා අරමුදලේ සල්ලි ගන්න කෙනාටම ඕක දුන්නා නම් වැඩේ කාර්යක්ෂමයි නේද?

:       1       7

Bamunuarachchi Sunday, 22 August 2021 07:21 PM

ඇමැතිවරුන්ගේ වැටුප පරිත්‍යාග කිරීම් අවතක්සේරු කරන පට්ට ජෙප්පෙක් සමාජ මාධ්‍යයක සැරිසරනවා. හැබැයි ඔවුන් සියලු දෙනාම පඩිය පක්ෂෙට දීලා, සමහරු ළමයි ස්විට්සර්ලන්තේ තියාගෙන, සැපට ඉන්නවා. පඩි නැතුව සැපට ජීවත්වෙන ඔය ක්‍රමය අර පාප්ප ගාන පොඩි ජෙප්පන්ටත් කියලා දුන්නොත් අපිට කොහොම වෙතත් ඔවුන්ට යහපතක්...

:       13       10

මාමMonday, 23 August 2021 07:08 AM

ලමයො මිනිසුන්ට ඔය එකෙක්ගෙන් වත් වැඩක් නැ. ඔක්කොම කලේ රට හුරන් කන එක අවුරුු 73 තිස්සෙ. වෙන දෙයක් ඔනෙ නැහැ ඔය අය දේශපාලනේට එන්න ඉස්සෙල්ල තිබුන දේපල එක්ක අද තියෙන දේපල බලන්න.

:       0       1

BamunuarachchiMonday, 23 August 2021 09:11 PM

මාමේ ඔය අවුරදු 73 කතාව ජෙප්පන්ගේ සටන් පාඨයක්. තාප්පවල පාප්ප ගාන ජෙප්පන් නලවන්න මහා ජෙප්පෝ කියන සුරංගනා කතා. මාමේ රට හුරන්න පටන් ගත්තේ 1977 න්. පස්සේ . 1977 කලින් හිටපු නායකයෝ රට හීරුවනම් සිංගප්පුරුවත් ලංකාව වගේ කොරනවා කියලා ලී ක්‍වා යුන් කියන්නේ නැහැ නේද? මාම දන්නේ නැතිදෙවල් මම මාමට කියලා දෙන්නම්. වැඳගෙන එකත්පසව වාඩිවෙන්නකෝ. එකත්පසව වාඩිවෙනවා කියන්නේ මොකක්ද කියලා මාම දන්නවාද?

:       0       0

ගමේ එකාලා Sunday, 22 August 2021 09:55 PM

ෂා මාරයිනේ.අදහන්ඩ වටිනවා.සත්ගුණවත් දේශපාලුවෙක් ගැන ඔය ඇහැව්වමයි .

:       0       1

de silva Sunday, 22 August 2021 10:32 PM

ධම්මික පැණිය ප්‍රමෝට් නොකර ඒකාලේම වැටුප් පරිත්‍යාග කළා නම් ලකුණු දමාගන්න තිබුණා. නමුත් දැන් ප්‍රමාදයි. පැණි හැලියට වැටුණු ඇඹලයාගේ තත්වයට ඔබ පත්වී ඇත.

:       0       1

chandima Sunday, 22 August 2021 11:59 PM

අන්න ජවිපයේ මන්ත්‍රීලත් පඩි නොගෙන ඉන්න යනවලු.. !!!

:       0       2

gamaathi Monday, 23 August 2021 01:13 AM

ඔබතුමාගේ දායකත්වය අගය කරමු එන්නත් කර ගැනීමට අකමැති අයට දේශීය ඖෂධ ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන්න

:       0       1

Perera Monday, 23 August 2021 01:57 AM

වැටුපට වඩා මේ අයට මාසෙට ලැබෙන දීමනා වැඩි.

:       0       1

බටපොල මංගලිකා Monday, 23 August 2021 07:35 AM

මත්තිවරයෙකුට දෙන වාහෙනේ උපරිම කෝටියකට සීමා කරන්න. රතු සහෝදරවරැන්ටත් පුලුවන් පුද්ගලික යෝජනාවක් විදියට ඒක පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්න. වැටුප සහ දීමනා දෙකම උපරිම ලක්ෂ දෙකකට සීමා කරන්න. ලංකාවෙ දේශපාලන හැතිකරේ නඩත්තු කරන්න මේ රටේ හිගන්නන් පවා බදු ගෙවනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31311 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13511 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 111 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site