(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා පැතිරීමත් සමග ශ්‍රී ලංකාව විශාල අවදානමක සිටින හෙයින් ගමේ රෝහල්වලට හැකි ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්නැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන්නීය.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරට රෝහල් සඳහා උදවු උපකාර රැසක් කර ඇති බවත් එම ශ්‍රී ලාංකිකයන්ට තමා ස්තුතිය පුද කරන බවත් ඇය සඳහන් කළාය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව දැඩි අවදානම්කාරී තැනකට පැමිණ ඇතැයි රාජ්‍ය ඇමතිවරිය වැඩිදුරටත් කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවරක් සිතන්න. මෙම වෛද්‍යතුමිය ඉතා අවංකව මෙම ඉල්ලීම කර ඇති නමුත්, ආණ්ඩුවේ ප්‍රබලයින් රටේ මුදල් නාස්ති කිරීමක් (උදා. සීනි කි. 01 කින් රු. 49.75 බැගින් බදු අවභාවිතය..) පවතින බැවින්, ඔබ රෝහල් වෙනුවෙන් ලබාදෙන ආධාරද මංකොල්ල කන්නේ නැති බවට සහතික විය හැකිද?
NGO එකක් පටන් ගත්තද ?
රට විරුවො මළා මැඩම්..
දේශපාලකයින් හොරා ගත්ත සල්ලි වලින් 5% ක් නැවත දුන්නොත් මේ ප්‍රශ්න සියල්ල විසඳා ගන්න පුළුවන්
ඔව්. මෙය හොඳ දෙයක් වන අතර එය කළ හැකි අය කළ යුතුයි. නමුත් මගේ යෝජනාව නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ක් මුලින්ම මෙය කළ යුතුයි. එසේ නොමැතිනම් සාමාන්‍ය ජනතාවගෙන් එය ඉල්ලීමේ තේරුමක් නැත. ඔවුන් මෙතෙක් කර ඇත්තේ කුමක්ද?
අපි මේ අය යැව්වේ අපිව බලාගන්න රටේ ප්‍රශ්න විසදන්න දැන් කියනවා අපිට බලාගන්නලු .මාර ලොජික්.
ලොකු උන් හොරාට ගත්තු සල්ලි ඉල්ලාගෙනද