IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමැති සජිත් එක්ක සිනමා කර්මාන්තය ගැන සාකච්ඡා නවතී

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් ඇති වූ සාකච්ඡා මේ වනවිට අනපේක්ෂිත ලෙස නැවතී තිබේ.

විෂය බාර අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතා සහ සිනමා කර්මාන්තයේ ප්‍රධාන පාර්ශවවල මූලිකත්වයෙන් ඇති වූ සාකච්ඡා හේතුවෙන් කඩා වැටෙමින් තිබෙන කර්මාන්තයට යම් බලාපොරොත්තුවක් ඇති විය.

එහෙත් බෙදාහැරීම සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයක් මුල් කරගෙන මේ වනවිට ආරම්භ වූ එම සාකච්ඡා නැවැතී තිබේ.

චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික මණ්ඩලයක් විසින් කරගෙන යනු ලැබුණු අතර පසුගිය ආණ්ඩුවේ විෂයභාර අමාත්‍යවරයා වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා චිත්‍රපට බෙදාහැරීම ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පැවැරීය. 

අමාත්‍යවරයාගේ එම තීරණයෙන් පසු පෞද්ගලික මණ්ඩලය නීති උපදෙස් පැතූ අතර අධිකරණය අමාත්‍යවරයාගේ එම තීරණයට එරෙහිව වාරණ නියෝගයක් පැනවීය. සති කිහිපයකට පසු වාරණ නියෝගය ඉවත් කරනතුරු පෞද්ගලික මණ්ඩලය චිත්‍රපට බෙදාහැරීමේ කටයුත්ත කරගෙන ගියේය.

සිනමාහල් හිමියන්ගේ සහයෝගය ද ඇතිව චිත්‍රපට බෙදාහැරීම කඩිනමින් තමන් යටතට ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව පියවර ගත්තේය. එහෙත් විවිධ හේතු දක්වමින් ප්‍රධාන පෙළේ පිරිසක් ඊට එරෙහි වූහ. ජාතික චිත්‍රපට සංස්ථාවට එවැනි ප්‍රධාන මෙහෙයුමක් කළ නොහැකි යැයි ඇතැම් පිරිසක් කීහ. ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් රිත්මා මණ්ඩලය සම්බන්ධයෙන් ද ඔවුහු එහිදි සිහිපත් කළහ. 

ජාතික චිත්‍රපට සංස්ථාව මගින් චිත්‍රපට බෙදාහැරීමෙන් තවදුරටත් වංචා හා අවකළමනාකරණයට ඉඩ සැලසෙන බවත් චිත්‍රපට සංස්ථාවට චිත්‍රපට බෙදාහැරීම සම්බන්ධයෙන් යෝග්‍ය හා විනිවිද මාර්ගෝපදේශන සහිත ක්‍රියාවලියක් නැති බවටත් එම පිරිස් චෝදනා කරති. මේ වසරේදී චිත්‍රපටයක් කුලියට ගැනීම සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා මණ්ඩලවලට මිලියන ගණනක් ණය ය.

ඊට අමතරව සිනමාහල් හිමියන්ට මණ්ඩලවලට මිලියන ගණනක් මුදල් ගෙවීමට සිදුව ඇත. සිනමා මණ්ඩල ද එකිනෙකාට මුදල් ගෙවිය යුතුව ඇත. මේ වනවිට අර්බුදය උග්‍ර වී ඇත. මේ රුපියල් මිලියන ගණනක මුදල්වලට වගකිව යුත්තේ කවුදැයි ප්‍රශ්නයක් අප හමුවේ ඇත. 

ඉක්මන් තීරණ ගැනීමට පෙර මෙම මූල්‍ය අර්බුද විසඳා ගැනීමට නම් ජාතික චිත්‍රපට සංස්ථාව වසර ගණනාවක් මුළුල්ලේ චිත්‍රපට බෙදා හැරීම සිදුකළ සිනමා මණ්ඩලවලට මාස කිහිපයක සහන කාලයක් ලබාදිය යුතුය. 

ඩේලිමිරර් ඇසුරිනි 

055

 



අදහස් (3)

ඇමැති සජිත් එක්ක සිනමා කර්මාන්තය ගැන සාකච්ඡා නවතී

sirimal Wednesday, 10 July 2019 10:06 AM

පෙට්ටි ගෙවල් සහ චිත්‍රපට කියන්නේ එකකට එකක් සම්පුර්ණයෙන්ම වෙනස් කටයුතු දෙකක් කියල තේරුම් යන්න ඇති මගේ හිතේ.

:       4       102

Bishan Wednesday, 10 July 2019 11:37 AM

නිකං හදලා දෙන ගෙදරත් පෙට්ටිද, රවුම්ද? කියලා බලන ගොබ්බයින් ඉන්නේ.

:       56       2

Amila Wednesday, 10 July 2019 11:42 AM

ඔච්චර හරියක් තේරුම් ගන්න අමාරු ඇති. සාමාන්‍ය පෙළවත් තිබුණා නම් එච්චර අමාරු වෙන්නේ නෑනේ....

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site