(රංජන් කස්තුරි)
විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යාංශය වෙනස්කර ඔහු යටතට ආයතන කිහිපයක් පවරා දී තිබේ.
ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා විදුලිබල සමාගම , සීමාසහිත ලංකා ගල් අඟුරු (පෞද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන අයතන පවරා දී ඇත.
COMMENTS
සිරිසේනගේ පාලන කාලේ වගේ පත් කරනවා. වෙනස් කරනවා. අලුත් කරනවා. ආයේ දිව්රුම් දෙනවා. හරියට බැලුවොත් ලංකාව හදන්න එක අමාත්‍යංශ 20ක් ඇති...
රට සෞභාග්‍ය කරන්නේ මේ වගේ අය එක්කද කියලා හිතෙන්නේ මට විතරද...? අනේ අපේ දුප්පත් මිනිස්සු 72 වසරක් කලේ මේක නේද කියලා හිතෙන්නේ මට විතරද?
පෙර දැනුම් දීමකින් තොරව පැය දෙකේ විදුලි බල කැපිල්ල මෙයාගෙ පණ්ඩිත වැඩක්ද?
අනේ ඉතින් මේ රට හදන්නනේ මහන්සි වෙන්නේ...
කරුණාකර ගල්අඟුරු මගඩිය ගැන සොයන්න. පල්ලි පන්සල්වලින් අහන්නේ නැතිව තව විදුලි බලාගාර කීපයක් හදන්න.
මොවුන්ට ඇමති කියලා කියන්න කලින් මොවුන්ගේ කාර්යාල, මේසය, උඩ මොවුන්ගේ... උපාධි සහතිකය අඩි දෙකයි දෙකේ තරම් පළලට හදලා ජනතාවට පේන්න තියන්න අනිවාර්යය කරන්න. නූල් කපනවා වගේ නෙමේනේ... ආයතන පාලනය කරනවා කියන්නේ...
මහින්දානන්ද මෙපමණ ධනයක් රැස් කලේ කෙසේද කියා ඔප්පුකර ගන්න බැරුව නඩුවක් තියෙන කෙනෙක්. මොහු ගැන නිසි පරීක්ෂණයක් කෙරුවොත් හෙළි වනු ඇත. පාඩු ලබන මෙවැනි අමාත්‍යංශයක් මොහු වැනි පුද්ගලයෙකුට දීමෙන් ජනාධිපති තුමා බලාපොරොත්තු වන්නේ කුමක්ද? මෙවැනි ආයතනයක් පාලනය කිරීමට මහින්දානන්දට ඇති සුදුසුකම් මොනවාද?