(සුජිත් හේවාජුලිගේ)
විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුවී සිටී.
ඇමැතිවරයා මෙසේ ස්වයං නිරෝධායනයට යොමු වී සිටින්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වීම නිසාය.
ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමාත්‍යාංශය පසුගිය සදුදා සිට වසා දමනු ලැබ ඇත .
මේ සම්බන්ධයෙන් අප අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා සුවයෙන් පසුවන බවයි.
තමාගේ නිරෝධායන කාලය ලබන බදාදා වනවිට අවසන් වන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර තම කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට පසුගියදා යොමු වූයේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය දේශපාලනයෙනුත් සමුගන්නවනම් රටට කොච්චර යහපතක් වේවිද?
පවුලට යස ඉසුරු දෙන එක තමයි කරන්නේ... කෝටි ගණන් උලා කනවා. හැබැයි කට ඇරියම මේ වගේ රටට වැඩ කරන අය කොහෙවත් නෑ... වැරැද්ද අපේ...
මේ අය නිරෝධායනය වුණා කියලා දාන්න තරම් දෙයක්ද?
විමල් ඇමැතිතුමාත්, පාර්ලිමේන්තුවේ ඉන්න අනික් අයත් ඔය විදිහටම ගියා නම් වියදම් අඩු වෙයි නේද?
ඉතින් අපිට පාන්ද?
කවුද ඩලස් කියන්නේ .ඒ වගේ කෙනෙක් ඉන්නවාද පාලිමන්ට් එකේ .අපි නම් දැකලා නැහැ .ජනතාව වෙනුවෙන් හඬක් නගනවා .එන හැමදේකටම අත ඔසවනවා .
මේ යන විදිහට වැඩිකල් යන්න කළින් 225 දෙනාම ගෙදර ඉඳන් පඩි ගනියි වගේ...
අනිත් අය සමච්චලයට ලක්කර කථාකරන මොහු ගම්මන්පිල වගේ අයට මහජනයා ඡන්දය දීමෙන් පෙනෙන්නේ අපේ දේශපාලන සාක්ෂරතාවය මදි බවයි.