
(සුජිත් හේවාජුලිගේ )
පල්ලිවල බෝම්බ තැබීම ජාතික ආරක්ෂාව අවුල් කිරීමට කරන වැඩක් විය හැකි හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ සිද්ධියේ මහ මොළකරු සොයන්නයි දැන් කිසිවකු නොඉල්ලන බවද ඔහු කීවේය.
ගෑස් ඉබේ පිපිරෙන්නේ නෑ.. ඒවා පිටුපස සිටින කඩාකප්පල් කාරීන් ගැන වහාම සොයා බැලිය යුතුයි.
ජනාධිපතිතුමා ලිට්‍රො සභාපති ඉවත් කෙරුවේ නැහැ. එතුමාම ඒ ස්ථානයට ගිහිල්ලා තීන්දුවක් ගත්තා ඒ ධුරයේ ම ඔහුව තියන්න ඕනෑ කියලා.ජනාධිපතිතුමන්ට වරද පටවන එක වැරදියි. ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. එතුමා සියැසින් ලංකාගම දැක බලාගෙන පාරවල් හදන්න තීරණය කළා වගේම එතුමන් තීන්දුවක් ගත්තා සභාපති තියාගන්න. ජනාධිපතිතුමා හැටියට එතුමන්ට සම්පූර්ණ බලය තියෙනවා ඉවත් කරනවද නැද්ද කියලා තීන්දු තීරණ ගන්න.
ගෑස් පිපිරීම ගැන හොයන්න මම කලින් ඉඳන් කිව්වා. මම පිලිගන්නෑ මේ ගැස් ඉබේ පිපිරෙනවා කියලා. නමුත් මෙය ගැන හොයා බැලිය යුතුයි. මේ ගැන හොයන්න කිව්වම සමහරු අපිට හිනා උනා.
දැන් පේනවනේ බෝම්බ තියලා වෙලා තියෙන දේ. පල්ලියේ ගිහින් බෝම්බ තියලා තියෙනවා. දැන් කවුරුවත් කියන්නේ නෑ මහ මොළකරු හොයන්න කියලා. මේ මහ මොළකරු හොයන්න ඕනි. කවුද මේ බෝම්බ තිබ්බෙ, කවුද මේ පිටුපස ඉන්නේ කියලා.ඉදිරියේදී බලාගන්න පුළුවන් කවුද මේවට සම්බන්ධ කියලා.
ජනාධිපතිතුමා ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. එතුමා ජනාධිපති වශයෙන් නිවැරැදි තීන්දු තීරණ ගන්නවා. එතුමන්ට සම්පූර්ණ බලතල තියෙනවා ඇමතිලා සභාපතිලා පත් කරන්න වගේම ඉවත් කරන්න.
මම අදටත් තියෙනවා මේ ගෑස් පිපිරීම ගැන හොයන්න කියලා මේ කණ්ඩායම ගැන අනිවාර්යයෙන් හොයන්න ඕනි. මට හිනා උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. පල්ලියට බෝම්බ තිබ්බ වගේ රජය අපහසුතාවයට පත් කරන්න, රටේ ජාතික ආරක්ෂාව අපහසුතාවයට පත් කරන්න කරන වැඩද කියලා හොයන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලියට බෝම්බ තියපු දොස්තරගෙ පුතා කාගේ ඉත්තෙක්ද කියලා රටම දැන් දන්නවා. මේකත් ස්විස් කිඹුල් නාටක මාලාවේ තවත් කොටසක්. රටේ ආරක්ෂාවේදී ඕනවට වඩා ඉවසීම භයානකයි
මෙයා කියන්නේ අත්දැකීමෙන්.
දී කිරට බළලුත් සාක්කියිලු....! නරකද පාස්කු ප්‍රහාරේ කරපු අය හොයන එකෙන්ම සියල්ල පටන් ගත්තොත්...? ජාතික ආරක්ශාවද තාමත් ඔයහොල්ලන්ගේ ස්ලෝගන් එක.?
අනේ මේ එතනෝල් කාරයාගේ කටට හෙණ 7ම වදිනවා.
මට හිතෙන්නේ මහමොලකරු කියලා අර වයසක දොස්තර මාට්ටු කරන්න යනවා වගේ...
ඉල්ලා අස්වීමේ ඉල්ලීමද? පරණ වෙඩි ටිකක් තියෙනවා පත්තු කරන්න.
කාලයක් යනකොට මෙහෙම බෝම්බ, මහ මොලකරුවෝ අනුර කුමාරගේ ගෙදරින් මතු නොවුණොත් තමයි පුදුමේ.. මේ බලයේ ඉන්න අයට මොනවා නොකරන්න බැරි අයද කියලා මුලු රටම දැන් දන්නවා. රටේ මිනිස්සුන්ටත් මොලයක් කියලා නාමයක් නැතිකොට ඉතින් රටක් දියුණු වෙයිද? එතනොල් කාරයින්, බැංකු හොරුන්, පැන්ඩෝරා හොරුන්, සුනාමි හොරුන්ව පාර්ලිමේන්තු යවන රටක්නේ මේක..
නැතුව නැතුව... ඉස්සර ඉඳලා බෝම්බ තියන්නේ.., ගෑස් පුපුරවන්නේ අපි මහජනතාවනේ. ඒ කාලේ බෝම්බ තියන්න ගිහින් වැඩේ පත්තු වුණාම ෆයිල් එක යට ගහන්න උදව් කරපු අයට කඩේ යන්නම එපායෑ. පල්ලිවලට බෝම්බ තියන්නේත් මේ මහ ජනතාවමනේ. ඕෂල හේරත්ගේ තාත්තාට පිස්සු... ඒකනේ නැතුව රටේ ජනතාවගේ ධනයෙන් පවත්වා ගෙනයන බුද්ධි අංශ ඕවා කරනවායෑ නේද? ඔහොම යන්කෝ... වතුර නටන කම් සැපයක් යයි දිය කෙළියේ...
ගෑස් ටැංකි පිපිරෙන්නේ එහි සංයුතිය වෙනස් කරපු නිසා බව රජයත් පිළිඅරන් තිබෙනවා. නමුත් මෙම තීරණය ගත්ත කෙනා සොයාගන්න ආණ්ඩුවට බැරි වෙලා...
මෙයා උගත්, දක්ෂ, හොඳ නීති ගරුක අවංක ඇමති කෙනෙක්