(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතික පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනකු හෙට උදේ 8.30 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
ඇමැතිවරුන් ලෙස පත් කළ යුතු මන්ත්‍රීවරුන් 36කගේ ලැයිස්තුවක් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබ තිබුණු අතර ඉන් නම් කිහිපයක් ජනාධිපතිවරයා කපා දමා ඇතැයි වාර්තාවේ.
ඒ අනුව ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වූ ලක්ෂ්මන් සෙනවිරත්න, විජිත් විජිතමුණි ද සොයිසා, පියසේන ගමගේ සහ එච් එම් ෆවුසි යන නම් ද, සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ නම් ද ඇමැති ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
නව අමාත්‍ය මණ්ඩලය යටතේ මංගල සමරවීර මහතාට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ද, රවී කරුණානායක මහතාට විදුලිබල හා බල ශක්ති අමාත්‍ය ධුරය ද, සාගල රත්නායකට මහතාට වරාය හා නාවුක අමාත්‍ය ධුරය ද, චම්පිකර රණවක මහතාට මහා නගර හා බස්නාහිර අමාත්‍ය ධුරයද, රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද හිමිවනු ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා, ආයෙත් සෞඛ්‍ය ඇමති වෙලා ඉන්නේ රාජිත සේනාරත්නද?
ව්‍යවස්ථාව අනුව 30 නම් 30 යි එය 36 ක් විය නොහැකියි.
රාජිත ..ආයෙත්...? ආ මේ ශ්‍රී ලංකාවනේ, ඒ නිසා මම පුදුම වෙන්නේ නැහැ.
එතකොට රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයේ සදා කාලික වැඩ වර්ජනය ආරම්භ කෙරෙන්නේ කීයටද?
පරණ පුරුදු විදියටම රට විකුණන එක නවත්වපු තැනින් පටන් ගනීවි. ගාල්ල කොටුවේ දැනටමත් ගෙවල් 100 වැඩිය විදේශිකයින් සින්නක්කරටම අරගෙන ඉවරයි. මේවා වහාම නැවැත්විය යුතුයි.
නීතිය හා සාමය කාටද ?
ව්‍යවස්ථාව අනුව 30 තමයි, එත් හයක් කැපෙන නිසා 36 යවල තියෙනවා.
දිවුරුම් දෙන්න ඉස්සරවෙලා දිවුරුම් දෙන දින දක්වා වත්කම් බැරකම් සහිත දිවුරුම් පෙත්සමක් ගත්තොත් හොඳ නැද්ද? පසුව එම පෙත්සම විගණකාධිපති ලවා තහවුරු කරගත්තොත් වඩාත් සුදුසුයි.
ඇයි මෙතන පාලිත රංගේ බණ්ඩාරගේ නම ජනාධිපති විසින් කපල තියෙන්නෙ.
රංගේ බණ්ඩාර මෙයාව අතටම අල්ලලා දුන්න නිසා වෙන්න ඇති නම කැපුවේ...