IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඇමතිට ඉඩ ගන්න හිටපු ඇමති කෑම මේසෙන් නැගිට්ටුවලා

බස්නාහිර පළාත නියෝජනය කළ, හිටපු ඇමැතිවරයකු අනුරාධපුරයේ අටමස්ථානය වඳින්නට සිය බිරිඳ සමඟ පිටත්ව ගියේ විවාහ සංවත්සරය වෙනුවෙනි.

ඇමති කාලයේද වැඩි සද්දයක් බද්දයක් නැති ඔහුම සිය වාහනය පදවාගෙන ගියේය.

කුරුණෑගල පැත්තේ නිස්කලංක තැනක හෝටලයකට දහවල් කෑම සඳහා මෙම දෙදෙනාම ගොඩ වූහ.

කෑම බෙදාගත් හිටපු ඇමැතිවරයා සිය බිරිඳ සමග අසල මේසයක වාඩි වී කෑම ගනිමින් සිටියදී සුදු අත්කොට කමිසයකින් සැරසුණු තරුණයකු පැමිණ ඔහුටත් බිරිඳටත් වෙනත් මේසයකට යන ලෙස ඉල්ලීමක් කළේ ඒ මේසය විශේෂිත පුද්ගලයකුට වෙන් කර ඇති බව සඳහන් කරමිනි." තාම එහෙම කෙනෙක් ආවෙ නෑනෙ .අපි ආපුවම යන්නම්" හිටපු ඇමතිතුමා වැඩිය සද්දයක් නැතිව කීවේය. එහෙත් හිටපු ඇමතිවරයා ඒ අසල සිටීම ඉල්ලීම කළ පුද්ගලයාට ගැටලුවක් විය." ඔබතුමා අර මේසෙට යන්න. ඒ විශේෂ කෙනා තව ටිකකින් එනවා" ඔහු කීවේය

" අපි කාටවත් කරදරයක් වෙන්න ඕන නෑ ,එහා මෙිසෙට ගිහින් කමු "හිටපු ඇමතිවරයාගේ බිරිඳ යෝජනා කළේ ළග සිටි පුද්ගලයාගෙන් බේරෙන්නට බැරිම තැනය. ටික වේලාවකින් අර කී විශේෂිත පුද්ගලයා පැමිණියේය. ඔහු රජරට පළාත නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරයෙකි. කෑම බෙදා ගෙන ඔහු අසුන් ගත්තේ වෙන් කළ මේසයේ නොව වෙනත් මේසයක ය .හිටපු ඇමතිවරයා ඔහු ද හොඳින් හඳුනන්නකි

කෑම ගැනීමෙන් පසු ව ,හිටපු ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයා ළඟට ගියේ ඒ හිතවත්කම නිසාය . ඔහු සමග කතාබහ කරමින් සිටියදී ළඟ සිටි ඔහුගේ ආරක්ෂකයකු පෙන්වා උපදෙසක් දෙන්නට ද ඔහු අමතක නොකළේය." ඇමැතිතුමා මේ ගොල්ලොත් එක්ක නම් ඉස්සරහට යන්නේ ඔබතුමාට වැඩි දුරක් යන්න හම්බවෙන්නෙ නෑ " සියල්ල පවසා හිටපු ඇමැතිවරයා පිටව ගියේ සිය මිතුරාට උපදෙසක් ද දෙමිනි.

(අගස්ති)



අදහස් (4)

ඇමතිට ඉඩ ගන්න හිටපු ඇමති කෑම මේසෙන් නැගිට්ටුවලා

Raveendra Thursday, 11 November 2021 04:46 PM

අප සමාජයට "යන්තමින් හෝ මහත්මා ගතිපැවතුම්" ඇති මිනිසුන් කෙනෙකු හෝ දෙදෙනෙකු හඳුනා ගැනීමට නොහැකිය. මෙම මහජන නියෝජිතයන් දෙදෙනාගේම නම් සඳහන් නොකිරීම අඩුපාඩුවකි.

:       0       0

ගජමිතුරු Thursday, 11 November 2021 06:49 PM

හාම්පුතාට වඩා කටුකන බල්ලො සැරයි කියනවා නේද?

:       0       23

athula Thursday, 11 November 2021 10:05 PM

කවුද අප්පා ඇමැති...?

:       0       0

Royfedricks Friday, 12 November 2021 02:46 AM

ප්‍රබන්ධයක්ද? ගම් කියන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site