IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘‘ඇප ලබන අය නිරෝධායනයට බලෙන් රඳවා ගැනීම ප්‍රශ්නයක්‘‘

 

( තිළිණි ද සිල්වා)

අධිකරණයෙන් ඇප මත නිදහස් කරන ලද පුද්ගලයින් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමට ගන්නා ක්‍රියාකාරකම් බලහත්කාරී හා නීතිවිරෝධී වන බවත් , එසේම එම ක්‍රියාව අදාළ අධිකරණවලට කරන අපහාසයක් යැයි  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  සහ පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී.

එබැවින් නිරෝධායනය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් වන අතර දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිත නොකළ යුතු යැයි ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය එම ලිපි වලින්  පෙන්වා දී ඇත.

එවැනි අකටයුතු හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක හමුදා හා පොලීසිය විසින් කොවිඩ් 19 මර්දනය සඳහා ගනු ලබන අව්‍යාජ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් අහිතකර ප්‍රතිඵල ඇති කරන්නක් වන බැවින් සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා තැබීමෙන් වැළකී සිටින ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියෙන් ඉල්ලා ඇත.

විරුද්ධ වීමේ නිදහසට අහිතකර ලෙස බලපාන අන්දමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිත කිරීමට ඉඩ නොදෙන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියේ ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය රෙගුලාසි හා මාර්ගෝපදේශ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පමණක් භාවිත කරන බව තහවුරු කරන්නැයි නීතීඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි.

සාමකාමී උද්ඝොෂණවල නිරත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හා නිරෝධායනය කිරීම පාදක කර ගනිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම ලිපි යොමු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ( 1) ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන මහජන අයිතීන් සෞඛ්‍ය හේතූන් මත සීමා කළ හැකි වුවත්, එම සීමා කිරීම් සිදු කළ යුත්තේ නීතිය මගින් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.

ඕනෑම සංවිධිද උද්ඝෝෂණයක් සිදු කළ යුත්තේ මහජන සෞඛ්‍යට තර්ජනයක් නොවන අන්දමින් බවත් විරෝධතාවලට පෙළපාලිවලට හෝ ඒ හා සමාන ක්‍රියාකාරකම්වලට සහභාගීවීමට අදහස් කරන පුද්ගලයින් තමන්ගේ හා පොදු ජනතාවගේ ආරක්ෂාන වෙනුවෙන් සෞඛ්‍ය නිර්දේශානුකූලව කටයුතු කළ යුතුය යන්න තම දැඩි විශ්වාසය බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

එහෙත් කලින් පනවනු ලැබූ සීමා කිරීම් ලිහිල් කිරීම යෝග්‍ය යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තීරණය කර තිබෙන සන්දර්භයක් තුළ පොලීසියට විරෝධතාකරුවන්, පාලනය කිරීම සදහා දැඩි බලයක් යොදවමින් ක්‍රියා කිරීම සාධාරණ හේතුවක් ඇතැයි තමන් විශ්වාස නොකරන බව නීතීඥ සංගමය අවධාරණය කරයි.

විරෝධතාවලට සහභාගීවීම සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ පුද්ගලයින් ඇප මත මුදා හැරීමෙන් පසු ඔවුන්ගේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් නිරෝධායනය සඳහා රැගෙන ගොස් ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැනි සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියා සිටින්නේ වර්තමානයේදී කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් හා ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් පවා නිරෝධායන මධ්‍යස්ථානවලට වඩා නිවෙස්වල හෝ හෝටල්වල නිරෝධායනය සිදු කෙරෙන පසුබිමක් තුළ ගනු ලබන ප්‍රශ්නගත බලහත්කාරී නිරෝධායන ක්‍රියාමාර්ග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවය.



අදහස් (1)

‘‘ඇප ලබන අය නිරෝධායනයට බලෙන් රඳවා ගැනීම ප්‍රශ්නයක්‘‘

ගිජුලිහිණි සංදේශය Sunday, 11 July 2021 05:18 PM

නීතිය අවිය වේ උඩ ඉන්නා උන්ට. ,, වාසිය බල බලා සලකති මිතුරන්ට ,, කාසිය අතේ නැති අසරණ මිනිසුන්ට ,, වීදිය මිසක අන් දිගනක් නැත යන්ට ,,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site