IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇඳිරිය ඉවත් කිරිමෙන් පසු කොළඹ එන්න තවත් දුම්රිය දෙකක්

(ඩයනා උදයංගනී)

කොළඹ නගරයේ ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග දුම්රියෙන් රැකියා සදහා පැමිණෙන පිරිස ඉහළයාම නිසා මෙම සතියට නියමිත දුම්රියන්ට අමතරව තවත් දුම්රිය දෙකක් හෙට (27) සිට මෙම මස 29 දක්වා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ගාල්ලේ සිට මරදාන දක්වා ගාල්ල දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.15ට දුම්රියක් ධාවනය කෙරෙන අතර පොල්ගහවෙල කොළඹ කොටුව දක්වා උදෑසන 7.40ට දුම්රියක් ධාවනය කෙරෙන බව එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙම දුම්රිය යළිත් ගාල්ල දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.25ට ගමන් ආරම්භ කරන අතර පොල්ගහවෙල දක්වා ගමන් ගන්නා දුම්රිය පස්වරු 5.30ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතය.

මෙම සතියේදී දුම්රිය 27ක් ධාවනය කිරීමට නියමිතව තිබුණත් මේ අනුව දුම්රිය 29ක් ධාවනය කෙරෙන බව එම ප‍්‍රකාශකයා සදහන් කළේය.

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවා හැදුනුම්පත් තිබෙන පුද්ගලයින්ට මෙම දුම්රියවල ගමන් කළ හැකි බව ද ඔහු කීවේය.
 



අදහස් (0)

ඇඳිරිය ඉවත් කිරිමෙන් පසු කොළඹ එන්න තවත් දුම්රිය දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site