IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇඳිරිනීතියේ වූවද උතුරුමැද වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර අඛණ්ඩව

(මනුල වික්‍රම)

පවතින ඇඳිරි නීති තත්ත්වය  හමුවේ  රුධිර  කාන්දුකරණය ලබා දෙන වකුගඩු රෝගින් සඳහා සපයන නවාතැන් ආශ්‍රිත පහසුකම් තවදුරටත් පුළුල්කර ඇතැයි උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පවසයි.
 
අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණය කරන රෝගීන් සඳහා මේ වනවිට අනුරාධපුර සර්වෝදය ආයතනය සතු සුවෝදය මධ්‍යස්ථානයේ පැය 48 දක්වා නවාතැන් පහසුකම් වැඩි කිරීමටත් ඉඩකඩ වැඩිකිරීමටත් උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
 
එම තත්ත්වය සාධනීය පියවරක් බව පෙන්වා දෙන වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා ‘‘ මේ වන විට අප නැවතත් සර්වෝදය මධ්‍යස්ථානයේ මෙම රෝගීන් සඳහා නවාතැන් සලසා දෙනවා. 

කලින් එක් දිනක්  දක්වා නවාතැන් දුන් එම අයට පවතින තත්ත්වය හමුවේ පැය 48ක් දක්වා නවතින්න අවස්ථාව සැලසුවා.

කාර්ය මණ්ඩලයට කලමනාකාරවරයෙක්, හෙදියන් හර දෙනෙක් හා සුළු සේවකයින් හතර දෙනෙක් ද අනුයුක්ත කර සිටිනවා. ඔවුන් මගින් ආහාර , ප්‍රවාහනය, ඇඳන්, ස්නානය කිරීමේ පහසුකම් හා පිරිසිදු වැසිකිළි පහසුකම් අතුළු සත්කාර කටයුතු නිසි ලෙස පවත්වාගෙන යනවා.

මේ අයට ඇඳිරි නීතිය නිසා බලපාන ප්‍රවාහන දුෂ්කරතාවයට එය විසඳුමක් වන අතර මේ වන විට පෙර සිටි රෝගීන් 28 දෙනාගේ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළගොස් තිබෙනවා. මේ පිරිසට අවශ්‍ය හැම විටම ඉඟුරු සහිත තේ පැන් සපයනවා. කාර්ය මණ්ඩලය කැපවී සිටිනවා.
 
විශේෂයෙන් වකුගඩු රෝගීන්,පිළිකා රොගීන්,  හා සිරෝසීස් තත්ත්වයට පත්වූ අය මේ ව්‍යප්තවන විෂබීජයෙන් ආරක්ෂාකරගැනීමට විශේෂ අවධානය යොමුකර තිබෙනවා.

හීමෝග්ලෝබින් අඩු නිසා රෝගවලින් පෙළෙන අය, මන්දපෝෂණ තත්ත්වයේ අය මෙන්ම ගැබිණි මව්වරුන් ද මෙයින් බේරාගැනීමට වැඩි අවධානය යොමුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අපට දැනුම් දී තිබෙනවා.‘‘ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය .



අදහස් (0)

ඇඳිරිනීතියේ වූවද උතුරුමැද වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර අඛණ්ඩව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site