(ටී.කේ.ජී.කපිල)
ලෝක ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා ශ්‍රී ලංකාවේ තුන්දින සහයෝගීතා නිල සංචාරයක් සඳහා අද (29) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මෙම පිරිස අද (29) උදෑසන 9.20 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියහ.
ඔවුන් පිළිගැනීම සදහා අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, ජෝන් අමරතුංග ඇතුළු සම්භාවනීය පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
මෙම පිරිස මේ මස 31 දින තෙක් මෙරට රැදී සිටීමට නියමිතය. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, කතානායක කරු ජයසුරිය යන මහත්වරු හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
ඊට අමතරව ඔවුහු පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය යන දේවස්ථාන මෙන්ම කුරුණෑගල සහ මහනුවර ප්‍රදේශවල ද සංචාරය කිරීමට ද බලාපොරොත්තුව සිටිිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගන්ත සභාවේ අගරදගුරු ඇතුළු සියළු පූජකවරු ගිහියෝය.. රෝමානු කතෝලික සභාවේ සියළු පූජකවරු පැවිද්දෝය.
මේ ගොල්ලෝ දැන් ලංකාවට එනවා වැඩියි. මේ ගොල්ලෝ හරිම දක්ෂයි රටේ තත්වය හොඳට පාවිච්චි කරන්න. කොටි හිතවාදී කාලේ කොටි වෙනුවෙන් බටහිර රටවල අපට එරෙහිව කතා කලේ මේ ගොල්ලන් තමයි. විශේෂයෙන් රායප්පු ජෝෂප් වගේ අය සහ නොර්වේ රටවල ඔය කියන පැවිද්දෝ...