(දිල්රුක්ෂි ග්‍රේරු)
ඇඟිලි සලකුණු මගින් හදුනාගත් අපරාධකරුවන් 103 ක් ගෙවුණ පැය24 දි බස්නාහිර පළාතේ පොලිසි මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමේදී බස්නාහිර පළාතේ වාර්තා වූ අපරාධ 59 කට සම්බන්ධව ඇඟිලි සලකුණු මගින් හදුනාගත් මෙතෙක් පොලිසිය මගහැර සිටි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව අපරාධ සදහා අවශ්‍ය තවත් සැකකරුවන් 56 ක් , විවෘත වරෙන්තුකරුවන් 81 ක් සහ දින වරෙන්තුකරුවන් 123 ක් , මත්ද්‍රව්‍ය හා මත්පැන් පිළිබඳ වැරදි සදහා සැකකරුවන් 211 ක් මෙන්ම සැකපිට පුද්ගලයින් 81 ක් අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම් සිදු කර අත්අඩංගුවට ගැනිම් සිදු කර ඇත.
COMMENTS