(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
ආසාත්මිකතාවක් හේතුවෙන් අද(05) වාරියපොළ පාසලක ප්‍රාථමික අංශයේ සිසු දරුවන් 70 දෙනෙකු ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
තද හිසේ අමාරුවක් සහ ඔක්කාරය ඇති බව පැවසූ එක් දරුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහල කරා මාරු කර යවා තිබේ.
දරුවන්ට ඇඟ කැසීම, හිසරදය වැනි රෝග ලක්ෂණ තිබූ නමුත් බරපතල රෝගී තත්වයක් නැති බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
විද්‍යාල භූමියේ කසළ ගිනිතැබීමකින් ඇතිවූ දුමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බවට සැකයක් පැවතිණි.
ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක අමල් බණ්ඩාර මහතා සහ වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඒ.ඩී. සුරවීර මහතා එම ස්ථානයට ගොස් පරීක්ෂා කළහ. සුරවීර මහතා ප්‍රකාශ කළේ ආසාත්මිකතාවට නිශ්චිත හේතුව තවමත් කිව නොහැකි බවය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආසාත්මිකතාවකින් වාරියපොළ සිසුන් 70දෙනෙකු රෝහලේ