(යොහාන් භාසුර)

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ස්ථිර සේවකයෙකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවැසීය.

අදාල සේවකයා මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇති බවත් ඔහුගේ ආශ්‍රිතයන් වන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සෙසු සේවක සේවිකාවන් නිරෝධායනයට යොමුකර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.