(අංජුල මහික වීරරත්න)
නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පවා රටින් ගෙන ඒම වළක්වා ආර්ථිකයක් වහගෙන රටක් ගෙන යාමට උත්සාහ කිරීම අසාර්ථක වෑයමක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම තීරණ නිසා වන්නේ ආර්ථිකය තවත් කඩා වැටීම බව කී වික්‍රමසිංහ මහතා තමා බලයේ සිටියා නම් ඉන්දියාව,චීනය, ජපානය, ඇමෙරිකාව, යුරෝපය එකවර තරහ කරගන්නේ නැතැයි ද කීය.
රට වර්තමානයේ මුහුණ දී සිටින අර්බුද පිළිබඳව බොහෝ දේශපාලන පක්ෂ කතාකළත් රට ගොඩනැගීමට මගක් පිළිබඳව කතා කරන්නේ නැතැයි සමාජ මාධ්‍ය සමඟ පැවති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසූ අතර ඊට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි රට ගොඩනැගීම සඳහා පළමුවෙන්ම කළ යුත්තේ ආර්ථික ප්රශ්නය විසඳා ගැනීම බවයි.
COMMENTS
රට ගොඩගැනීමට අවංක නායකත්වයක් සමග කණ්ඩායමක් සැලසුමකට අනුව යා යුතුය.
දැන්ද ඕක තේරුනේ එහෙනම් මොන දේකටද කෑගැහව්වේ කොරෝන කාලේ රට වහන්න කියලා.
අපිටත් පසුගිය අවුරුදු 5 කරපු හැටි පොඩ්ඩක්වත් මතක නෑ.
අපරාදෙ මෙයා අවුරුදු 45ක් වැඩියෙන් ඉඳගෙන පාර්ලිමේන්තුව ගොඩදාපු රට ගැන කියලා වැඩක් නෑ. මෙහෙම අයගෙන් අදහස් අරගෙන වැසිකිළියක්වත් හදන්න හොඳ නෑ.. ඒකත් මිනිස්සුන්ට ගෙවන්න වෙන්නේ.
ඔබතුමා ඔහොම කිව්වට මේ රට දැනට පාලනය කරන්නේ සහතිකයේ මහමොළ තියෙන වියතුන්... මතක ඇති නේද ටෙලියක දෙකක රඟපාලා වියතෙක් වෙලා වැනිලා වවලා රැකියා දෙනවා කිව්වා. එයට පෙර බබාටත් දැනුමැති කරු මැතිතුමා අභිබවා යන්න පුළුවන් වුනේ. මේ රටේ මිනිස්සු බලන්නේ කාල බීල ටෙලියක් බලලා හිටියා නම් ඇති කියලා. මිනිස්සු වගාවක් කරන්නේ රටේ ආණ්ඩුව තමා ඡන්දය දුන් පක්ෂය නම් පමණයි. නැත්නම් ආණ්ඩුවට බැන බැන ඉන්නවා. සමහරක් ජනතාව වඩා කැමැති පක්ෂ නායකයින් මේවා දන්නා නිසා මිනිස්සු රවටා තමා ධනවත් වෙන්න බලනවා. ඔබතුමා පරදින්නේ ජනතාව සමග සුහද නොවීමත් ඔබතුමා ජනතාව ආකර්ශණය වෙන ආකාරයට කතා නොකිරීමත් නිසායි.
මේ දිනවල ලංකාවේ බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වෙමින් පවතින සහ සොයමින් සිටින එමෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සොයමින් සිටින දියසෙන් කුමාරයා පිළිබඳව දැනගැනීමට 2022 මැයි මස පළමු සති දෙක ඇතුළත එතුමා මුණගැසීමට බලාපොරොත්තු වෙමි...
පසේ බුදුවරුත් මොනතරම් ධර්මය දැනගෙන උන්නත් තවත් කෙනෙකුට රහත් වෙන්න මාර්ග කියාදෙන්න දන්නේ නැතිලුනේ..!!!
රට වහගෙන පමණක් නොවේ මේ රටේ ඇතිකළ ජාතිවාදය සහ පාස්කු ප්රශ්නය හේතුවෙන් ලෝක ජනගහනයෙන් සියයට අසූවක් වූ ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ජනතාවගේ පිළිකුලට ලක්ව ඇත...
බලයේ ඉන්නකොට බලය ගන්න කියපුවා කළානම් අද රටට මෙහෙම වෙන්නේ නැහැනේ... දැන් නිකන් මහදැනමුත්තා වගේ කියවන්න එපා.. කිසිම හොඳක් නැහැ.
ආර්ථිකය විවෘර්ත කරගෙන කරපු දේවල් අපිට හොඳට මතකයි .....ආර්ථික ඔස්තාර් .අනේද කියන්නේ