රංජන් කස්තුරි
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද (22) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
මෙතෙක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල මංගල සමරවීර මහතා අද (22) පස්වරුවේ සිට ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය ( කැබිනට් නොවන) අමාත්‍යංශය ලැබී ඇත්තේ ඒ මහතා දැනට දරණ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයට අමතරවය.
කිසියම් අමාත්‍යංශයකට කැබිනට් අමාත්‍යවරයකු නොමැති අවස්ථාවක එම කැබිනට් අමාත්‍ය ධූරයේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාට හිමිවේ.
ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
මුදල් අමාත්‍යාංශයත් ඔය මනුස්සයාගෙන් ගලවන්න. නැත්තම් ඊළඟ ඡන්දය වෙනකොට මේ ආණ්ඩුව පරදින්නේ බදු ලෙස මිනිසුන්ගෙන් මුදල් කොල්ලකන නිසා මිසක් වෙන හේතුවකට නෙමෙයි...
අපගේ උණුසුම් සුභපැතුම්..!
බියගම ජනතාව වෙනුවෙන් ඔබට සුබපතමි.